රජයේ බංගලා සහ ලොරිස් පටුමගේ නිවාස වල පදිංචිව සිටි මැති ඇමතිවරු 92 නෙකුගෙන් හිග නිවාස කුලි ලෙස රුපියල් හැත්තෑනම ලක්ෂ පහළොස් දහස් නමසිය අටක (7,915,908) ක මුදලක් අයවීමට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
මින් රුපියල් පනස් එක්ලක්ෂ අනුඑක් දහස් පනහක් (5,191,050) 2012 වර්ෂයේ සිට 2020 දක්වා කාලය තුළ මෙම බංගලාවල පදිංචිව සිටි මැති ඇමතිවරු 72 දෙනෙකුගේ හිග නිවාස කුලි බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
හිග කුලි ආදයමෙන් රුපියල් පන්කෝටි අසුහත්ලක්ෂ අසුඑක්දහස් අටසියඅනුපහක් (58,781,895) එනම් සියයට 31ක් රජයේ බංගලා හා ලොරිස් පටුමගේ නිවාස කුලි බවද විගණන වාර්තාවේ සදහන් වේ. ඉකුත් වර්ෂය තුල මෙහි හිග නිවාස කුලි වශයෙන් එකතුකර ඇත්තේ රුපියල් විසිලක්ෂ හයදහස්පන්සිය අසුහතකි (2,006,587) එය ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ සියයට තුනකි.
මැති ඇමතිවරුන්ගේ හිග නිවාස කුලා සම්බන්දයෙන් ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සදහන්කොට ඇත්තේ රජයේ මැති ඇමතිවරුන්ගෙන් අයවිය යුතු හිග නිවාස කුලි කඩිනමින් නිරවුල්කරණ ලෙස ලිපි මගින් දැනුවත්කොට ඇති බවය. ඇතැම් මන්ත්‍රිවරු මිය යාම , ඇතැම් මන්ත්‍රිවරුන්ගේ පුද්ගලික ලිපිනයන්වල කිසිවෙකු නොමැති නිසා ලිපි ආපසු පැමිණිම, දුරකථන ඇමතුම්වලට නිසි පරිදි ප්‍රතිචාර නොදැක්විම හේතුවෙන් හිග නිවාස කුලිය අයකරගැනිම ප්‍රමාද වි ඇති බවය.
එමෙන්ම ඇතැම් ඇමතිවරු කටයුතුකළ අමාත්‍යංශ වලින් නිවාස කුලි අයකරගෙන ඇති බව හිටපු ඇමතිවරුන් දන්වා තිබුනද අමාත්‍යංශය වෙනස්වි ඇති බැවින් තොරතුරු සොයාගැනිමේ ප්‍රමාදයන් පැනනැගි ඇති බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සදහන්කොට ඇත. රාජ්‍යසේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සමිබන්දයෙන් 2021 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.
චන්දන සමරවික්‍රම/ රවින්ද්රශ්රිලාල්