හැටන් ප්‍රදේශයේ බිත්තර පාලන මිල ඉක්මවා ගොස් ඇති බව බිත්තර ව්‍යාපාරිකයන් කියා සිටියි.
බිත්තර ගොවිපොලවල් හිමියන් විසින් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා නොදීම සහ පාලන මිල ඉක්මවා ඔවුන් විසින් සුදු සහ රතු බිත්තර වෙළදපොළට නිකුත් කිරීම නිසා බිත්තර පාලන මිල ඉක්මවා ගොස් ඇති බවයි වෙළෙදුන් කියා සිටින්නේ.
ඒ අනුව සුදු බිත්තරයක් රු 54 , රතු බිත්තරයක් රු 55 ක සිල්ලර මිලකට අලෙවි කිරිමට සිදු වි ඇත්තේ බිත්තර ගොවිපොලවල් හිමියන් විසින් බිත්තර තොග මිල උපරිම සිල්ලර මිලට වඩා වැඩි කර තමන්ට අලෙවි කිරිම බවයි වෙලෙදුන් කියා සිටින්නේ.
බිත්තර මිල ඉළෙ යාම හමුවේ පාරිභෝගිකයන්ද බිත්තර මිල දි ගැනීමෙන් වැළකි සිටින බව වෙළෙදුන් පවසයි.
වෙනත් දිනවල තම වෙලදසැලට අවශ්‍ය බිත්තර තොග බිත්තර ගොවිපොලවල් හිමියන්ගෙන් ලැබුණු බවත්, පවත්නා තත්ත්වය මත තම වෙලදසැලට අවශ්‍ය බිත්තර තොග නොලැබිම හමුවේ ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බවද වෙලෙදුන් පැවසිය.