ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රඳවාගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාවට අග්‍රාමාත්‍ය කාර්ලායලය අසළදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරිමට පොලිසිය පියවර ගත්තේය.
පාගමනට එක්වූ පිරිස එම ප්‍රහාරයද නොතකා ඉදිරියට ගමන් කිරීමට කටයුතු කළේය. ගාලු පාර ඔස්සේ පැමිණ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අසළින් ගමන් කරන විට මෙම ප්‍රහාරය එල්ල විය.