විශ්රාමික පොලිස් පරීක්ෂකවරයෙක්ගේ සිරුරක් කළුතර නිවසක විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී අද (18දා) උදෑසන හමුවූ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
විශ්රාමික පොලිස් පරීක්ෂක ජේ. රෝහන ද සොයිසා නමැති 68 හැවිරිදි දෙදරු පියෙකුගේ සිරුරක් මෙසේ හමුවූ බව පොලිසිය කීය.
මියගොස් ඇති පොලිස් නිලධාරීයාගේ පවුලේ සමීප සාමාජිකයකු පදිංචි කළුතර , පලාතොට ප්රදේශයේ නිවසක කාමරයක විදුලි පංකාවක නයිලොන් ලනුවකින් සිරුර එල්ලමින් තිබියදී සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි .
කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකරන ලදී . පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මළසිරුර කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණි .
කළුතර මුලස්ථාන පොලිස් පරීක්ෂක (වැබ) නයනප්රිය මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති .
පානදුර සුමිත් පොතුපිටිය