saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 5059 hours ago

LATEST

ජනපති ලේකම් කාර්යාලයේ ඇඟිලි සලකුණු ගනියි

calendar_today 2022 ජුලි 22 - 09:16 remove_red_eye - 494  

ජනාධිපති ලේකම් කාර්යාලයේ පරීක්ෂණ කටයුතු සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) හා ඇඟිලි සටහන් පරික්ෂණ නිලධාරීන් ඇතුළු අවශ්‍යතාව අනුව වෙනත් විද්‍යාත්මක සාක්ෂි ලබගැනීම වෙනුවෙන් නිලධාරීන් කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

නිරිතදිග චීනයේ යුනාන් පළාතේ ෂිෂුආන්ග්බන්නා ප්‍රාන්තයේ ජිංහොං නගරයටද මෙම භූ කම්පනයේ බලපෑම දැඩි ලෙස දැනී තිබුණි.

Read More

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයේ ඉතිවූ කොටස වෙනුවෙන් නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වූ බව ජනපති ලේකම් සමන් ඒකනායක මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

කොවිඩ්-19 රෝග විනිශ්චය කිරීමෙන් පසුව මේ වනවිට ඇමෙරිකානු නායකයාගේ රෝග ලක්ෂණ මෘදු බව ඔහු සඳහන් කරයි.

Read More

කොළඹ ගෝල්ෆේස් පිටියේ හා ජනපති ලේකම් කාර්යාලය අසළ පවත්වාගෙන අරගල භූමියට ආරක්ෂක අංශ ඇතුළු වී එහි සිටි පුද්ගලයන්ට පහරදීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙළා දැක තිබේ.

Read More

ගෝඨාගෝගමට ආරක්ෂක අංශ ඇතුළු වීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ද තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. මේ අතර බි.බී.සී. සේවයේ දමිල විකාශයේ මාධ්‍ය වේදියෙක් මෙන්ම තවත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය ඡායාරූප ශිල්පියෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

Read More

ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි සිය රජය බිඳවැටීමෙන් පසු නැවතත් ඉල්ලා අස්වීම භාර දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා ඊට යාබද මුහුදු සීමාවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මධ්‍යම රාත්‍රියේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ලක් පවතින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය පැවැසුවාය. සිය ට්විටර් ගිණුමෙන් ඇය ඉල්ලා සිටින්නෙ බලධාරීන් සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත්ය.

Read More

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය පිවිසුමේ හා එම පරිශ්‍ර යේ රැදී සිටි අරගලකරුවන් අද අලුයම ආරක්ෂක අංශ කළ ඒකාබද්ධ මෙහෙයුමකින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රම වේදය මෙන්ම QR ඛේත ක්‍රමය සාර්ථකවූ විට ඉදිරි දින කිහිපයේදී මේ වන විට පවතින ඉන්ධන පෝලිම් අඩුවෙනු වෙනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

හැකි ඉක්මනින්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි මූලික අර්ථය ඇතිවම ගෙන එන බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට දැනුම්දී තිබේ.

Read More

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති 45.3% සිට 2022 ජුනි මාසයේදී 58.9%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර, ඔහු කොවිඩ්-19 බූස්ටර එන්නත් දෙකක්ද ලබා සිට ඇති බව කියයි.

Read More

සන්නද්ධ හමුදා සේනාධිනායක වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (ජුලි 21) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණියේය.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන නව රජයේ අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දීමට නියමිතය. කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවෙයි. පෙ.ව. 9.00ට දිවුරුම් දිම ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

(UPDATE) නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (21දා) ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේදි මෙම දිවුරුම් දිම සිදුකිරිමට කටයුතු සැලසුම් කර තිබේ.

Read More

රටේ ජනතාව දහසකුත් කරදරවලට මුහුණපා ඇති අවස්ථාවක දුම්රිය ගාස්තු වැඩි නොකරන ලෙස මුහුදුබඩ දුම්රිය මගී සංගමය ඉල්ලා සිටී.

Read More

තමා මෙරට ජනාධිපති ධූරය බාර ගෙන ඇති හෙයින් සිය මන්ත්‍රී ධුරයෙන් අස් වන බව දැනුම්දෙමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (21දා) අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 33 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

රටේ ජනතාව අරගල කරමින්, පෙළපාලි යමින් උත්සහ කළේ බලයේ සිටින හොරුන් ගෙදර යැවීමට බවත්, කෙසේ වෙතත් එම හොරු එක්ව සිය ආරක්ෂාවට ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව හරහා පත් කර ගැනීම සිදුවූ බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Read More

පැය 24ක් සඳහා තමන් පාර්ලිමේන්තුවේ වාරාවසාන කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයන්ට දන්වා තිබේ. නව චාරිත්‍රානුකූල ආරම්භයක් වෙනුවෙන් මෙසේ පාර්ලිමේන්තුව පැය 24කට වරාවසාන කරන බව ජනපතිවරය ප්‍රකාශ කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

Read More

ඩෙංගු මර්දන විශේෂ දිනයක් ලෙසට ලබන 25 දා සඳුදා ප්‍රකාශයට පත්කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සහ රත්කරව්වේ ජිනරතන හිමි ට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (21දා) වරෙන්තු නිකුත් කළේය.

Read More

තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද (21දා) ඉල්ලා සිටියේය.

Read More

ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවේ රූපවාහිනී සජීවී විකාශ කටයුතු අඩාල වෙමින් පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය විසන්ධි වීම සම්බන්ධව පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

Read More

ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ .

Read More

ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය තාක්ෂණික දෝෂ හේතුවෙන් ප්‍රමාද වන බව වාර්තා වේ.

Read More

පිටිගල ප්‍රදේශයේ ගෑස් පෝලිමේ සිටි අයකුගේ හිසට අද (21දා)පොල් ගෙඩියක් වැටි බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව පිටිගල පොලිසිය පවසයි .

Read More

දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු හෙට (22දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.