තිලංගට කෝටි දෙකහමාරක් වන්දි ගෙවන්න අර් ජුනට නියෝග
ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට රුපියල් මිලියන විසිපහක වන්දියක් ගෙවන ලෙසට අර්ජුන රණතුංග මහතා ට ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණය අද (17දා) නියෝග කලේය.
පසුගිය 2003 වසරේ දී මාධ්‍ය හමුවක දී තමන්ට අපහාස සිදු වන අන්දමේ ප්‍රකාශයක් සිදු කළේ යැයි පවසමින් හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාට එරෙහිව තිලංග සුමතිපාල මහතා විසින් 2017 වසරේ දී ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණයේ පවරා තිබූ පැමිණිල්ලකට අදාළව මෙලෙස නියෝග ලැබිණි.
ටෙලිකොම් සමාගමේ සභාපති ධූරය ඇතුළු කිසිදු තනතුරකට තිලංග සුමතිපාල මහතා සුදුසු පුද්ගලයකු නොවන බවට සඳහන් කරමින් අපහාස සහ අභූත චෝදනා ඇතුළත් ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙලෙස පැමිණිලි සිදුකර තිබිණ
ගල්කිස්ස අධිකරණ - දිලංගා ගෝමස්
popular news
-
මොට්ටපාල Thursday, 17 November 2022 11:02 PM
ලංකාවට කීර්තියක් ගෙනත් දුන්නෙ අර්ජුනද නැත්නම් සුමතිපාලද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම මොකද මේ වෙන්නෙ හිතාගන්න බැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

