දේශගුණික විපර්යාස පිළිබඳ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර උපදේශක ලෙස පත්කර ඇති මාලදිවයිනේ කථානායක මොහොඩම් නෂීඩ් මහතාට ඊජිප්තුවට යෑමට රජයේ මුදල් වැය නොකළ බව මුදල් අමාත්‍යාංශය දැනුම් දුන්නේ යැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය. රමේෂ් පතිරණ මහතාගේ පිළිතුරට ප්‍රතිචාර දක්වමින් මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේ නෂීඩ් මහතාගේ ඊජිප්තු සංචාරය වෙනුවෙන් මාලදිවයින් රජයද මුදල් ලබානොදුන් බව ප්‍රකාශ කර ඇති බවයි.
"එහෙනම් කාගේ සල්ලිද? නෂීඩ්ගේ සල්ලිද?" යැයි මුජිබර් රහුමාන් මහතා ප්‍රශ්න කළේය. එයට පිළිතුරු දෙමින් රමේෂ් පතිරණ මහතා පැවැසුවේ එය නෂීඩ් මහතාගේ මුදල් බවයි.
" ආ එහෙනම් අපේ පරිසරය ගැන නෂීඩ්ට මාර කැක්කුමක් තියෙන්නේ" යැයි මුජිබර් රහුමාන් මහතා පැවැසීය.
දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට එක්වීම සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඊජිප්තුවේ කළ නිල සංචාරයට මාලදිවයිනේ කථානයක මොහොමඩ් නෂීඩ් මහතාද ලංකාව නියෝජය කරමින් එක්වූ අතර එය දේශපාලනය උණුසුම් කළ මාතෘකාවක් විය.

