දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
කෙසේ වෙතත් විදේශ ණය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පිළිබඳ බාහිර ද්විපාර්ශ්වික සහ වාණිජ ණය හිමියන් සමඟ සාකච්ඡා කරමින් පවතින බවද අමාත්‍යවරයා පවසයි.
දේශීය බැංකු අංශයට, රක්ෂණ අංශයට සහ විශ්‍රාම අරමුදල්වලට අහිතකර බලපෑමක් ඇති කරන දේශීය ණය සඳහා කිසිදු බලපෑමක් ඇතිවන ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා රජයට අදහසක් නොමැති බවද අමාත්‍යවරයා පැවැසීය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මෑතදී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවලට පදනමක් නොමැති බවද අමාත්‍යවරයා පැවැසීය.