හිටපු අමාත්‍ය, පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද දින උදෑසන 08.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔහු පිළිගැනීම සදහා පොදු ජන එක්සත් පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.