මේ වන විට මසකට දෙවරක් වශයෙන් සිදුකරන ඉන්ධන මිල සංශෝධනය ඉදිරියේදි මසකට එක්වරක් පමණක් සිදුකිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යරය කීවේය.
මේ වනවිට ඉන්ධන මිල සංශෝධනය සෑම මසකම 01 සහ 15 යන දිනවල ක්‍රියාත්මක වෙයි. ඛණිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමයේ 50 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් අලෙවි නියෝජිතයන් මිල සංශෝධනයට දින කිහිපයකට පෙර ඉන්ධන මිල අඩුවිය හැකි යැයි සිතා ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටින බවයි.
ලෝක වෙළෙඳපොළේ මිල අනුව මසකට වරක් ඉන්ධන මිල සංශෝධන ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා කීය.