වසර 53කට පසු මහතීර් පරදියි
දශක හතක දේශපාලන දිවියේ නොසිතූ පරාජයක් අත්විදිමින් මැලේසියාවේ හිටපු අග්රාමාත්ය මහතීර් මොහොමඩ් වසර 53 කට පසු සිය පළමු මැතිවරණ පරාජයට සෙනසුරාදා මුහුණ දුන්නේය.
97 හැවිරිදි මහතීර්, දශක දෙකකට වැඩි කාලයක් මැලේසියාවේ අගමැති ලෙස කටයුතු කළ අතර, ලන්කාවි දූපත් මැතිවරණ කොට්ඨාශයේ සිය පාර්ලිමේන්තු අසුන ජයග්රහණය කිරීමට නොහැකි වූ අතර පස්කොන් සටනකින් ඔහු සිව්වන ස්ථානයට පත්විය.
තවත් හිටපු අගමැතිවරයෙකු වන මුහයිඩින් යසින් විසින් නායකත්වය දෙන පෙරිකාටන් සන්ධානයෙන් අපේක්ෂකයෙකු වූ මොහොමඩ් සුහයිමි අබ්දුල්ලා විසින් ඒම ආසනය දිනා ගන්නා ලදී.
එය 1969 න් පසු මහතීර්ගේ පළමු මැතිවරණ පරාජය වෙයි. මහතීර් මේ මාසයේ රොයිටර් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ තමා පරාජය වුවහොත් දේශපාලනයෙන් විශ්රාම ගන්නා බවයි.
"මට වයස අවුරුදු 100 වන තුරු මම දේශපාලනයේ ක්රියාකාරී වෙන්නේ නෑ. වැදගත්ම දෙය නම් මගේ අත්දැකීම් පක්ෂයේ තරුණ නායකයින්ට පැවරීමයි." යැයි ඔහු රොයිටර් පුවත් සේවයට පැවැසීය.
popular news
-
Kumar Sunday, 20 November 2022 03:26 PM
Lanakawe sitiyanam agamathikama labaganna thibunaney.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
