විදේශ රැකියා ලබාගැනීමට අපේක්ෂාවෙන් අබුඩාබියට පැමිණි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකුගේ සිද්ධිය සම්බන්ධයෙන් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අවධානය යොමුව ඇතැයි අබුඩාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
තානාපති කාර්යාල නිලධාරීන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පොලිස් බලධාරීහු ඔවුන් සිටි ස්ථානයට ගොස් එහි සිටි ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු සොයා ගත් බව අමාත්‍යාංශය පවසයි.
එම ශ්‍රී ලාංකිකයන්ගෙන් තානාපති කාර්යාල නිලධාරීන් සහ පොලිස් බලධාරින් විසින් කරන ලද විමසීම්වලින් අනතුරුව ඔවුන් ප්‍රකාශ ලබා දී ඇත්තේ තමන්ට ගැටළු හෝ පැමිණිලි නොමැති බවයි. ඔවුන්ගෙන් එක් අයෙක්, නැවත ලංකාවට පැමිණීමට කැමැත්ත පළ කර තිබුණි.
කෙසේ වෙතත් පසුගිය 15 වැනි දින නිසි නීතිමය සහ සංක්‍රමණ ක්‍රියා පටිපාටි අනුගමනය නොකරමින් ඔවුන් ඕමානය බලා පිටත්ව ගොස් ඇති බවද අමාත්‍යාංශය කියයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල තත්ත්වය අඛණ්ඩව අධීක්ෂණය කරමින් සිටින අතර ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සහතික කිරීමට පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.