රට ආර්ථික වශයෙන් කඩා වැටීමට වසර 72 ක් මෙරට පාලනය කළ සියළු දෙනා වගකිව යුතු බව හිටපු අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පා.ම. මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බව පැවැසුවේ නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් සැඩ පහරට හසු වී කඩාගෙන ගිය ඉගුරුඔය සහ හයිඩ්‍රි පාලම අලුතින් ඉදි කිරීමේ කටයුතු (19) දින ආරම්භ කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ රටේ ආර්ථිකය කඩා වැටිමට ප්‍රධාන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණද වගකිය යුතු බවයි.
භිෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ රටේ ආර්ථිකය කඩා වැට්ටවිමට කටයුතු කළ බවත්, එවන් පක්ෂයකට කිසිසෙත් මේ රට පාලනය කළ නොහැකි බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.