රහස් එළියට දාන මෛත්‍රීගේ පොත ජනවාරියේ
ජනතාව නොදන්නා කරුණු රාශියක් ඇතුළත් පොතක් තමන් ජනවාරියේ එළි දක්වන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
අර්බුදය, අනාගතය හා අයවැය යන මැයෙන් ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය වේදීන්ගේ සංගමය සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින් හිටපු ජනපතිවරයා මේ බව පැවැසීය.
“මම ඇමතිකම් කරන කාලයේ තිබුණා ආණ්ඩ පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක්. ඒදා ජනාධිපතිතුමා හිටියේ නෑ මම පක්ෂයේ ලේකම් නිසා එදා හිටපු ජනතිතුමා කිව්වා දීමුත් (හිටපු අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න) එක්ක ගෘප් ඒක ගෙනියන්න කියලා.
මීටන් එන යන අතරේ මන්ත්‍රීවරයෙක් නගිටලා කිව්වා අධිවේගී මාර්ගවල දැඩි ලෙස දූෂණ වංචා සිදුවෙනවා ඒ්ක අපිට හොඳ නෑ ආණ්ඩුවට හොඳ නෑ එය නිවැරදි කරන්න තීන්දුවක් ගත යුතුයි කියලා.
ඊට පහුවෙනිදා උදේ 10ට විතර මට දුරකතන ඇමතුමක් ලැබුණා අරලිය ගහ මන්දිරයට එන්න කියලා. මම උදේ ගියා. බොහොම වියරු සහගත මුහුණක් මම දැක්කා. මගෙන් ඇහුවා “ඊයේ මේ වංචා දූෂණ ගැන කථා කරලා තියෙනවා නේ. පාරවල් වලින් හරියට දූෂණ වංචා සිදුවෙනවා කියලා කියලා තිබුණා නේ. ” මම කිව්වා නෑ කියලා.
ඊට පස්සේ මට ඇගිල්ල දිගු කරලා කිව්වා “ පක්ෂ ලේකම්, කැබිනට් ඇමතිවරයෙක් ආණ්ඩුවේ දූෂණ වංචා ගැන කථා කරන්න පුළුවන් කමක් නෑ. ආණ්ඩුවේ දූෂණ වංචා ගැන කථා කරනවානම ඔය තනතුරු දෙකම කරන්න පුළුවන් කමක් නෑ.” මම බැලුවා මම ඒතන තව හිටගෙන හිටියොත් මිට වඩා දේවල් අහගන්න වෙන මූණක් තිබුණේ. මම පස්සෙන් පස්සට ඇවිත් මගේ ගෙදරට හෝ අමාත්‍යාංශයට මම ගියා.
මගේ පළවෙන් අර්බුදය ටෙන්ඩර් එකක් ගැන. එතකොට පරිසර ඇමති. ටෙන්ඩර් එකක් ගැන ෆයිල් එකක් තියෙනවා. “මම ඇහුවා මොකද මේක හදිස්සිද” ඔව් සර් ඉක්මනට අත්සන් කරලා එවන්න කිව්වා.
මම ඇහුවා කවුද කියලා. මගේ අමාත්‍යාංශයේ ලේකම් කිව්වා ඒ් පුද්ගලයාගේ නම. මම ඒ් නම නොකියා ඉන්නම්. ඔහු මේ දවස් වල ලංකාවේ නෑ. හෙට අනිද්දා ඒනවා කියලා ආරංචියි.
මමත් සමග පළමු ගැටුම ඒතන. මම කිව්වා ‘මම මේ ටෙන්ඩරය අත්සන් කරන්නේ නෑ මට හදිස්සියක් නෑ’ කියලා. ෆයිල් එක අත්සන් කළේ නෑ. කවුරුන් හෝ ඒතන හිටපු කෙනෙක් මේක ගිහින් අර කෙනාට කිව්වා. ඒදා ඉදින් තමයි රාජපක්ෂ ආණ්ඩුව හා මගේ අතර ප්‍රශ්න ආවා.
මම ඔය කිව්වේ ඒකක් දෙකක්. මම මේවා ප්‍රසිද්ධියේ කියලා නෑ. මම දැන් පොතක් ලියලා තියෙනවා. මම ඒ්ක ජනවාරි මාසයේ පිට කරන්න ඉන්නවා. ඒ් පොතෙත් යම් යම් කරුණු තියෙනවා රටේ ජනතාව නොදන්නා දේවල්. සමහර විට පොත පිටවුණාට පස්සේ මට මොනවා වෙයිද දන්නේ නෑ”

popular news
-
Lelwala Monday, 21 November 2022 04:04 AM
පලමුව ග්‍රාම සේවකගේ කාලේ සිට වත්කම් සොයා පැලිය යුතුය.
Reply : 0 0
Deepal Nirosh Monday, 21 November 2022 09:08 AM
දැන්වත් ඔය හුඹස් බිය අතහැරල ලේකම්ට නියෝග දීපු අයගෙ නම කියන්න, ඊයෙ ලංකාවට ආවනෙ. අනික අර මොකද්ද ප්‍රහාරයෙ මහමොළකරුගෙ වගතුග ඔය පොතේ අඩංගුද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

