saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 4738 hours ago

LATEST

අවු. 11ක දරුවාගේ මරණය සැක සහිත බවට පැමිණිල්ලක්

calendar_today 2022 ඔක් 13 - 18:27 remove_red_eye - 654  

වයස අවුරුදු එකොලහක පිරිමි දරුවෙකු සමේ රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියදී උණ රෝගය උත්සන්නව කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීයදී මියයාම සැකසහිත බවට අද (13දා) පැමිණිල්ලක් ලැබී ඇතැයි බේරුවල පොලිසිය පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ අතුරුදහන්ව සිටි සිසුවා දින 10 කට පසු ඊෙය්ஈ (12) නැවත පේරාදෙණිය විශ්වවිද්‍යාලයට නැවත පැමිණ සිටින බව පේරදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසයි .

Read More

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් ලකුණකින් තියුණු ලෙස පරාජයට පත් කරමින් ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

Read More

ඌව පළාතේ තරුණ තරුණියන්ට රාජ්‍ය ආයතන වල ස්ථීර රැකියා දෙන බවට ව්‍යජ්‍ය පත්වීම් ලිපි ලබා දෙමින් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් වංචනිකට ලබාගත් බවට සැකකරන පාසල් ගුරුවරියක ඇතුළු කාන්තාවන්‍ තිදෙනෙකු අත් අඩංගුවට ගත්බව බණ්ඩාරවෙල පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

ශ්‍රම බලකායේ ඩිජිටල් දත්ත පද්ධතියක් පිහිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සහය වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අන්තර්ජාතික කම්කරු සංවිධානයෙන් ඉල්ලා සිටියේය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම සම්බන්ධයෙන් ලබන 19 වැනිදා කරුණු දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයාට හා ලේකම්වරයාට දැනුම් දෙමින් කොළඹ අතිරේක දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය අද (13දා) නොතිසි නිකුත් කළාය.

Read More

උතුරු නැගෙනහිර පලාත්වල වෙසෙන දමිල ජනතාව අතිතයේ සිට ප්‍රශ්ණ හා ගැටලු බොහොමයකට මුහුණදෙමින් සිටින අතර එම ප්‍රශ්ණ තවමත් නොවිසදි පවතින්නේ මෙම ප්‍රදේශ නියොජනය කරන දමිල දේශපාලඥයන්ගේ ක්‍රියා කලාපය හේතු කොටගෙන බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

Read More

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 1.00ට නිකුත් කළ මෙම නිවේදනය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා වයඹ පළාත් සඳහා අදාළ වෙයි.

Read More

මීගමුව, කදිරාන කණිෂ්ඨ විද්‍යාලයේ ළමා දින සැමරුම් උළෙලේදී නර්තනයේ යෙදුණු පාසල් ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

Read More

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර ව්‍යාජ ලිපි ලේඛන සකස් කල අතිසුඛෝපභෝගී මෝටර් රථයක් රුපියල් ලක්ෂ 25 ක ට විකිණීමට පැමිණි එහි රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා සහ මෝටර් රථය අද (13දා) අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.

Read More

වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිය නීතීඥවරයා මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහි දී මින් පසු සෑම නඩු දිනයකම පැමිණෙන ලෙසත් තරයේ අවවාද කර මුදාහැරීමට අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නියෝග කළේය.

Read More

අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී 23 හැවිරිදි තරුණියක්පැහැරගෙන මෝටර් රථයකින් රැගෙන ගිය සිද්ධිය සම්බන්ධපුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය පවසයි.

Read More

ලෝක ළමා දිනයට සමගාමීව දකුණු සුඩානයේ අවතැන් කඳවුරුවල රැඳී සිටින ළමයින් සඳහා පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ඇතුළු පාසැල් උපකරණ ලබා දීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටින යුද හමුදා භට පිරිස් විසින් සිදුකෙරිණි.

Read More

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය අද (13දා) වරෙන්තු නිකුත් කළේය. ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවිනි.

Read More

නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ මවගෙන් වෙන් වි අතරමංව සිටි දින 10 පමණ වයසැති කදුකර කොටි පැටවුන් දෙදෙනා යළිත් මව වෙත යොමු කිරීමට නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පියවර ගැණින.

Read More

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය අද දිනයේ ක්‍රියාත්මක නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමේදී විනාඩි 10ක් කලින් දුම්රිය ධාවනය කිරීමට තීරණය කර තිබුණි. කෙසේ වෙතත් ඒම තීරණය ක්‍රියාත්මක කරන දිනය පිළිබඳව ඉදිරියේදී ජනතාව දැනුවත් කරන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

Read More

2023 වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය තවදුරටත් සෘණ අගයක පවතිනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. ඒ අනුව 2023 වසරේදී ශ්‍රී ලංකාවේ අර්ථික වර්ධන වේගය සෘණ සියයට 3ක් පමණ වෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

Read More

විවිධ හේතූන් මත රේගුව මගින් වසර ගණනක් වරායේ රඳවාගෙන තිබෙන කන්ටේනර්වල ඇති සහල් කිලෝ මිලියනයක් මුදා හැරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ප්‍රමාද ගාස්තු නොගෙවීම හේතුවෙන් රඳවාගෙන තිබූ කන්ටේනර් 79ක මෙම සහල් තොග ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

Read More

දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව ද බරපතල වරදක් බව පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ශ්‍රී ලංකා පොලීසියට උපදෙස් දුන්නේය.

Read More

“එක්ව නැගිටිමු ” තේමාව යටතේ 75 වන නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 වන දින ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

Read More

සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල විශාල වශයෙන් විදෙස් ගතවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකි බැවින් ඒ පිළිබදව කඩිනමින් අවධනය යොමු කළ යුතු බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සේවය ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ භූමි මෙහෙයුම් කටයුතු සදහා බලපත්‍රය ලබා ගැනීමට සමත් වූ අතර , ඒ සදහා වූ මෙහෙයුම් බලපත්‍රය ලබා දීම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අද (12දා) කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණි .

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ උපදේශකයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතාව පත් කර තිබේ.

Read More

නිති විරෝධි අන්දමින් ජපානයේ සිට මෙරටට ගෙනවිත් වයික්කාල ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවි කිරිමේ ස්ථානයක සගවා තිබු මිල අධික විවිධ වර්ගයේ ලිටරයේ ප්‍රමාණයේ විස්කි බෝතල් 126 ක් සමග ව්‍යාපාරිකයෙකු ඊයේ (11දා) රාත්‍රි අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය පවසයි.

Read More

කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා දූෂණ වංචා සම්බන්ධයෙන් තොරතුරු රැසක් පසුගිය කාලයේ දී අනාවරණය කළ බැවින් ඔහුට එම කමිටුව ඉදිරියට පැමිණ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අවස්ථාව සලසා දෙන බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

Read More

මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මන සියලු දෙනාට ආදයම් බද්දක් අය කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒසේම මාසික ආදායම රුපියල් ලක්ෂ 25 ඉක්මන අය වෙනුවෙන් සියයට 36ක ආදායම් බද්දක් අය කිරීමට නියමිතය.

Read More

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඊච්චන්තිව් ගම්මානයේ ජනතාව 1969 වසරේ සිට ඉඩම් අක්කර177ක් වගා කටයුතු සදහා යොදාගත් අතර උතුරු නැගෙනහිර පළාත්වල පැවති යුධමය වතාවරණය හමුවේ 1983 සිට වගා කටයුතු අතහැර දමා තිබුණද යුද්ධය අවසන්විමෙන් පසු එම ජනතාව තම ඉඩම්වල පදිංචි සදහා පැමිණියද එහි වගා කටයුතුවලට තහංචි පැනවිනි.

Read More

අහුන්ගල්ල ගාලු පාරේ දී අද (12දා) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කල බව අහුන්ගල්ල පොලිසිය පවසයි.

Read More

රුපියල් කෝටි 5 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 08ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම මස 16වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මෙරට නිල රූපවාහිනී තරග විකාශන අයිතිය සිරස ටීවී නාළිකාව හිමිකරගෙන තිබේ. ඒ අනුව මෙවර තරගාවලියේ සියලු තරග අඛණ්ඩව මෙරට ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව සිරස ටීවී උදාකර දී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.