saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 576 hours ago

LATEST

පොල්ගොල්ලේ වාන් දොරටු හතරක් විවෘත කරයි

calendar_today 2025 නොවැ 22 - 11:41 remove_red_eye - 96  

මධ්‍යම කදුකරයට ඇද හැලෙන වර්ෂාව නිසා අද දින (22) පෙරවරුව වනවිට පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු හතරක් විවෘතව පවතින බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.

අධික වර්ෂාවත් සමග අද (22) පෙරවරුවේ මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කඳු කඩා වැටීමක් සිදුව තිබේ. මෙම අනතුරින් එම වෙළඳසැලෙහි සිටි තිදෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත. එමෙන්ම තවත් කිහිප දෙනෙකු සුන්බුන් තුළ සිරවී සිටින බවට වාර්තා වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් මුදාගැනීම සඳහා මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවය. අප වාර්තාකරු පැවසුවේ ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙළඳසැලක්

Read More

දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනයේදී උතුරු, උතුරු-මැද හා නැහෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ සුවිශාල පෙරළියක් ඇති කරමින් පාරිභෝගිකයින් සඳහා ඖෂධ වර්ග 350 ක මිල දැවැන්ත ලෙස පාලනය කිරීමට හා නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. මේ තුළින් මෙරට වෙළෙදපොලේ ඖෂධ රැසක මිල ගණන් දැවැන්ත ලෙස අඩුවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

කොටහේන පොලිස් වසමේදී 07 වන දින කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

Read More

විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරිම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ජාතික මෙහෙයුම වන රටම ඒකට මෙහෙයුමෙන් ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 20 දා දක්වා සැකකරුවන් 23 550ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

Read More

මෙරට වී නිෂ්පාදනය පසුගිය යල කන්නයේ දි වී මෙට්‍රික්ටොන් මිලියන 2.2ක් දක්වා සියයට 11.7කින් වැඩිවි ඇති බැව් අයවැය, ආර්ථික සහ මුල්‍ය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.

Read More

2025-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026-06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පාසල් කඩඉම් ලකුණු www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක. ලැබී ඇති පාසල https://g6application.moe.gov.lk වෙබ් අඩවියෙන් පරීක්ෂා කරගත හැක.

Read More

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.7% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2025 සැප්තැම්බර් මාසයේ දී එම අගය 2.1% ක් විය.

Read More

රට තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.තුෂාර වික්‍රමාරච්චි මහතා කීය. ඒ මහතා එම අදහස් ප්‍රකාශ කළේ පේරාදෙණිය ගන්නෝරුවේ පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානයේ 20 සවස පැවැති මාධ්‍ය හමුවකදීය.

Read More

අස්වැසුම ප්‍රතිලාභින් 43,703 දෙනෙකුට බැංකු ගිණුම් නොමැතිකම හේතුවෙන් ඔවුන්ගේ හිමිකම් ප්‍රතිලාභ ඉකුත් වර්ෂයේ දි (2024) ලැබි නොතිබු බවට අනාවරණය වි ඇත.

Read More

ඩිජිටල්කරණය කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස, ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ පළමු වරට අද දින ජනාධිපති නීතිඥ දිවුරුම් දීමේ උත්සවයේදී ඩිජිටල් අත්සන ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හඳුන්වා දෙන ලදී. සාම්ප්‍රදායිකව, මෙම ක්‍රියාවලිය ‍‍භෞතිකව සිදු කරන ලබන්නක් වන අතර 2025.11.20 දින අත්කරගත් මෙම ජයග්‍රහණය ඓතිහාසික සන්ධිස්ථානයක් බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

Read More

එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී (21) දින සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී අවුරුදු 08ක කුඩා ළමයෙකු ඇතුලු තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා මහනුවර දිස්ත්‍රික් මහ රෝහල වෙත සහ රිකිල්ලගස්කඩ ප්‍රාදේශිය රෝහල වෙත (21) දින ඇතුලත් කල බව රිකිල්ලගස්කඩ පොලිසිය පැවසීය.

Read More

මාලදිවයිනේ රැකියා අවස්ථා ඇති බවට ව්‍යාජ දැන්වීම් ප්‍රචාරය කරන පිරිසක් විසින් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් මුලාකරමින් මූල්‍ය වංචාවල නිරතවන බවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මාලදිවයිනේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් මේ සම්බන්ධව වාර්තා කර ඇති බවද කාර්යාංශය සඳහන් කරයි.

Read More

‘වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඬ’ යන තේමාව යටතේ විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව ආණ්ඩුවේ වැඩපිළිවෙලට එරෙහිව පවත්වනු ලබන ජන රැළිය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබේ.

Read More

කාම්බෝජයේ බස් රථයක් පාලමින් පහළට පෙරලී යාමෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත දඹුල්ල නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය සදහා මුල්ගල තැබීම ලබන ඉරිදා (23) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

Read More

තඹලගමුව පොලිස් වසමේ ත්‍රීකුණාමලය අඹේපුස්ස මාර්ගයේ පාලම්පටාර් පාලම ආසන්නයේදී ඊයේ (20දා) ත්‍රීකුණාමලය දෙස සිට කන්තලේ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයා ධාවනය වෙමින් තිබූ බස් රථයේ පාපුවරුවෙන් ඇද වැටී තුවාල ලබා තඹලගමුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

Read More

හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 11/21 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය නිලධාරීවරයා ද සනාථ කළේය

Read More

අයගම පොලිස් වසමේ කොළඹෑව ප්‍රදේශයේදී ඊයේ (20දා) රාත්‍රී කාන්තාවකට හා ඇයගේ වයස අවුරුදු 16 ක් වූ දරුවෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් බරපතල තුවාල ලබා ඇති බවට අයගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් එම කාන්තාව සහ දරුවා අයගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් ඇත.

Read More

විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව නුගේගොඩදී අද පස්වරුවේ පැවැත්විමට නියමිත මහජන රැළියේදී ඒ් අවට පැවෑත්වෙන උසස්පෙළ විභාග මධ්‍යස්ථානවලට බාධාවක් නොවන ලෙස කටයුතු කරන්නෑයි පොලීසිය අදාළ රැළියේ සංවිධායකවරුන්ට උපදෙස් දී තිබේ.

Read More

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වර්ෂයේ ගතවූ කාලය තුළදී ශ්‍රි ලාංකිකයින් 3575 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

Read More

නාවික හමුදාව විසින් දකුණු මුහුදු තීරයේ දී අද මත්ද්‍රව්‍ය සමග සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6දෙනා තංගල්ල ධීවර වරාය වෙත රැගෙනවිත් තිබේ.

Read More

ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ සේවය කළ තවත් ශ්‍රී ලාංකිකයෙකුගේ අවාසනාවන්ත මරණයක් අද වාර්තා වන බව එරට සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

Read More

ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා ගුවන් ගනිමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 434 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත 11/20 දින රාත්‍රී හදිසි ගොඩබැස්සවීමකට ලක් කර ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

Read More

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස්කරන ලද ඉහළම බදු ආදායම මේ වසර තුළ වාර්තා කර තිබේ. ඒ රුපියල් බිලියන 2,002.241ක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Read More

ලංකා විදුලි සමාගමේ (LECO) සභාපතිවරයාට නවීන මර්සිඩී්ස් බෙන්ස් මෝටර් රථයක් ආනයනය කිරීම ඳසහ ගෙන තිබූ තීරණය අවලංගු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.

Read More

රුපියල් කෝටි හතරක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මලු තුළ සගවා ගෙන මෙරටට පැමිණ , ඒවා කටුනායක ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිම කර ගෙන ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් තිදෙනකු 11/19 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.

Read More

දේශපාලන පක්ෂ කිහිපයක එකමුතුවෙන් නුගේගොඩ හෙට දිනයේ පැවැත්වෙන රැළිය හේතුවෙන් රථ වාහන ගමනය සිමා කරන බව පොලීසිය දැනුම් දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.