අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් හා කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරියක අත්අඩංගුවට ගෙන තිබේ.
කොමිෂන් සභාවට ලද තොරතුරක් මත සිදුකරනු ලැබූ විමර්ශනයකට අදාළව වෙල්ලාවේලි පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කරන ලද අවිවාහක පොලිස් කොස්තාපල්වරයෙකු ට නිවසේ සිට රාජකාරි පැමණීමට මඩකලපු කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගේ අවසරය ලබාගැනීම ඳසහා වූ නිර්දේශ ලබාදි අදාළ කටයුතු කිරිමට අවස්ථා කිහිපයකදී ජංගම දුරකතනයක් ඇතුළු ද්‍රව්‍ය හා රු. 72000ත මුදලක් අල්ලස් ඉල්ලා ලබා ගැනිමේ චෝදනා යටතේ මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය හා කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.