පළත් සභා හිතූ හිතූ ලෙස වියදම් කරලා
මහභාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මත යැපෙමින් පළාත් සභා පවත්වාගෙන ගියද පළාත් සභා විසින් අරපිරිමැස්මකින් තොරව වියදම් සිදුකර ඇති බැව් අනාවරණය වන බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
චක්‍රලේඛවලට පටහැනිව පළාත් සභාවල ආණ්ඩුකාරවරුන්ගේ අනුමැතිය මත නිලධාරින්ගේ ඉන්ධන දිමනා වැඩිකරගැනිම, අනෙකුත් ආකාරයේ සාධාරණ නොවන දිමනා ලබා ගැනිම් සහ ආයතන සංග්‍රහයට පටහැනිව නිවාස කුලි දිමනා ලබා ගැනිම මගින් පළාත් සභා අරපිරිමැස්මකින් තොරව වියදම් සිදුකර ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
2024 වර්ෂය සදහා භාණ්ඩාගාරය විසින් පළාත් සභා 09 සදහා ලබා දි ඇති මුදල රුපියල් මිලියන හාරලක්ෂ, තිස්හත්දහස්, තුන්සියහැට පහකි. (437,365) ඒ අනුව පළාත් සභා 09යේ මුළු ආදායමින් සියයට අසුතුනක් රජය මගින් ලබාදි ඇති ප්‍රතිපාදන වලින් සමන්විත වි තිබුණි. මෙකි මුල්‍ය දත්තවලට අනුව සියලු පළාත්සභා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ප්‍රදාන මත යැපෙමින් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
විගණකාධිපතිවරයා විසින් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
