saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 446 hours ago

LATEST

දකුණු අප්‍රිකාව කඩුලු 5ක් ඇතැතිව ලකුණු 91ක් පිටුපසින්

calendar_today 2025 ජුනි 12 - 17:27 remove_red_eye - 268  

ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකාව කඩුලු 5ට ලකුණු 121ක් රැස්කරගෙන සිටියේය. ඒ පළමු ඉණිමට ඔස්ට්‍රේලියානුවන් රැස්කළ ලකුණු 212ට පිලිතුරු ලෙසයි.

කණ්ඩලම වැව ඉස්මත්තේ වසර ගණනාවක් තිස්සේ සැරි සරමින් සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වන වන අලියාගේ දකුණු අතට වෙඩි වැදී සති කිහිපයක් තිස්සේ ඇවිද ගැනීමට නොහැකිව වැව් තාවුල්ලේ රැඳී සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

Read More

ඉන්දියාවේ අහමදාබාද් සිට එංගලන්තය බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් ගුවන් ගත වී සුළු වේලාවකින් කඩාවැටී විශාල ගුවන් අනතුරක් සිදුව තිබේ. ගුවන් අනතුර සිදුවන අවස්ථාවේද‍ි එම ගුවන් යානයේ මගීන් හා කාර්ය මණ්ඩල‍යේ 242ක් ගමන් කර තිබේ.

Read More

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත් කර තිබේ.

Read More

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය වැඩි ඡන්දයෙන් ජාතික ජන බලවේගයට හිමිව තිබේ.

Read More

මෙම වසරේ මාර්තු 15 වැනිසා සිදු කළ සත්ව සංගණන වාර්තාව අද (12දා) ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

Read More

අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය වැඩි ඡන්දයෙන් සමගි ජන බලවේගයට හිමිව තිබේ.

Read More

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

Read More

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දෙවන දිනය සඳහා වන තරගය අද(12දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

මධ්‍යම අධීවේගි මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ කොටසේ අදාළ ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

ගර්භිනි මවුවරුන්ට දරු ප්‍රසූතියට දින 02කට පෙර සිට ඉදිරි දින 07ක් ඇතුළත චිකුන්ගුන්යා රෝගී ලක්ෂණ මතුවුවහොත් උපදින ළදරුවාට එය වැළඳිය හැකි බවත් ඒ අනුව දරු ප්‍රසූතියෙන් පසු සතියක් පමණ මව හා ළදරුවා රෝහලේ තබා ගැනීමට උපදෙස් දී ඇති බවත් කොළඹ වෛද්‍ය පීඨයේ නාරි හා ප්‍රසව පිළිබද මහාචාර්‍ය ප්‍රබෝධන රණවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ​ඊයේ(11දා) පස්වරුවේ බර්ලින් හි වොල්ඩොෆ් ඇස්ටෝරියා (Waldorf Astoria) හෝටලයේ දී ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් (Dr. Johann Wadephul ) මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබේ.

Read More

මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීම සඳහා පනතක් මගින් නීතිමය විධිවිධාන හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමතිය හිමිව තිබේ.

Read More

පවතින වැසි තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 06 ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස 09 කට නාය යෑම් අනතුරු ඇඟවීම් කර තිබේ.

Read More

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය අද(11දා) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.

Read More

ගැරඩි ඇල්ල බස් රථ අනතුරේ රියදුරාට නින්ද යාම, අධික තෙහෙට්ටුව හෝ විඩාව නිසා එම අනතුර සිදුවන්නට ඇති බවට සැකකරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම අනතුර සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ වාර්තාව මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසීය.

Read More

ශ්වසන රෝගීන්ගෙන් 9% - 13% අතර ප්‍රමාණයකට, මේ වනවිට පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය වැලඳී ඇති බවට වෛද්‍ය පර්යේෂණ දත්ත මඟින් වාර්තා වී ඇතැයි ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සඳහන් කරයි.

Read More

22 වන වරටත් මෙවර, විජය පුවත්පත් සමාගම අනුග්‍රහයෙන් පැවැත්වූ ’ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ තෙවැනි දිනය වූ අද (11දා), විජය පුවත්පත් සමාගමේ ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ කාංචන දසනායක මහතා, දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ අජන්ත කුමාර අගලකඩ, වෙලද වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ශ්‍යාමිලා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් විවෘත කළ අයුරු.

Read More

බන්ධනාගාරය අධිරාජ්‍යයක් කරගෙන ඇති සැකකාර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා බන්ධනාගාරය තුළ රජ්ජුරුවන් වි නඩු අසා හිමින්සැරේ සිරකරුවන් නිදහස් කිරීමේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට අද (11) දැනුම් දුන්නාය.

Read More

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසේ සේවිකාවක් ලෙස කටයුතු කළ කාන්තාවක් අද (11දා) අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (11දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැයක පමණ කාලයක් ප්‍රකාශ ලබා දී තිබේ.

Read More

බන්ධනාගාර කොමසාරිස් අනිවාර්රය නිවාඩු යැවීම නීති විරෝධියි යැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. එසේම ජනපති සමාව ලබානොදුන් සිරකරුවෙක් නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට පත්වන්නේ නම් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මෙන්ම ජනපති ලේකම්වරයාද අත්අඩංගුවට ගත යුතුව ඇතැයි ඔහු පවසයි.

Read More

මහනුවර සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර මගීන් ප්‍රවාහනය සඳහා ලංගම හරහා විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ නව COVID - 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11 ) පෙරවරුවේ ජර්මනියේ බර්ලින්හි බ්‍රැන්ඩන්බර්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.

Read More

ඉදිවෙමින් පවතින වරාය නැගෙනහිර පර්යන්තයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා ප්‍රවාහන , මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහභාගී වී ඇත.S

Read More

ජාතික ජනබලවේගයේ ආර්. එම් සාගරධීර විශ්ව වික්‍රම මහතා අද (11) වැඩි ජන්ද හතරක් (04) ක් හිමිකරගනිමින් බණ්ඩාරවෙල නගරාධීපතිවරයා ලෙස තේරීපත්වූ අතර වැඩි ජන්ද හතරක් (04) ක් හිමිකර ගත් ස්වාධීන කණ්ඩායම් අංක 01හි ශ්‍රීකාන්ත නන්ද මහතා උප නගරාධීපතිවරයා ලෙස තේරී පත් විය.

Read More

බලය පිහිටුවීම සඳහා මෙවර පැවති පළාත් පාලන මැතිවරණයේ දී සියයට පනහ ඉක්ම වූ බහුතර බලයක් නොලැබුණු නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහා නගර සභාව ඇතුළු දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ක් සඳහා පළමු රැස්වීම පැවැත්වෙන දිනයන් හා වේලාවන් පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනය මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කොට තිබේ.

Read More

සිංගප්පූරුව පදනම් කරගත් අඩු පිරිවැය ගුවන් සේවයක් වන ජෙට්ස්ටාර් ඒෂියා ගුවන් සේවාව ජූලි මස අවසානයේදී වසා දමන බවත් ඒ් හරහා බලපෑමට පත්වෙනු ගුවන් මගීන් වෙත සම්පූර්ණ මුදල් ආපසු ගෙවන බව සමාගම පවසයි.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මේ වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ. ලංකා විදුලි බල මණ්ඩලය සියයට 18.3ක විදුලි ගාස්තු වැඩිවීමක් යෝජනා කළද මහජන උපයෝගීතා කොමිෂම එම තීරණය ඉවත දමමින් සියයට 15ක විදුලි ගාස්තු වැඩිවීමක් නිර්ද්ශ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.