කොත්මලේ වැවන්ඩන් දමිළ විද්‍යාලය රජයේ වෙනත් ගොඩනැගිල්ලකට
නායයෑමේ අවධානමක් හේතුවෙන් මාසයකට අධික කාලයක් වසා දමා ඇති කොත්මලේ තවලන්තැන්න කොත්මලේ රම්බොඩ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය කොත්මලේ තවලන්තැන්නේ පිහිටි තොන්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානයේ පවත්වාගෙන යැමට තීරණය කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.
එම පාසලට පිවිසෙන මාර්ගයේ ස්ථාන කිහිපයක් සහ පාසල රම්බොඩ ප්‍රදේශයේ නායයෑම ආරම්භ වී ඇත්තේ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය අසලින් නිසා එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ සහ ඉගැන්විම් කටයුතු සිදු කරන විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලයේ මානසිකත්වය සලකා බලා මෙම තීරණය ගත් බවයි මංජුල සුරවිර ආරච්චි මහතා කියා සිටියේ.
තොන්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් තිබෙන නිසා හිස් ගොඩනැගිලිවල පන්ති කාමර සකස්කර එහි අධ්‍යන කටයුතු ඉදිරි දින කිහිපයේ සිදු කිරිමට අවශය මුලික කටයුතු කොත්මලේ කලාප කාර්යාලයේ නිළධාරින් විසින් සිදු කරන බවත්, එම පාසලේ 1 වසරේ සිට 11 වසර දක්වා ළමුන් 143 දෙනෙකු සහ ආචාර්ය මණ්ඩලයේ 13 දෙනෙකුගෙන් සමන්විත බවයි මංජුල සුරවීරආරච්චි මන්ත්‍රිවරයා කියා සිටියේ.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
