අද වහින්නේ මෙහෙමයි
පහල වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.
එසේම නැගෙනහිර පළාතේත්, නුවරඑළිය, මාතලේ, බදුල්ල, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ.
අනුරාධපුර, යාපනය, කිලිනොච්චිය සහ වව්නියාව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු - මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 50 දක්වා තද සුළං ඇති විය හැකි බව ද පෙන්වා දෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
