පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා මාලාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්මික දෝශයකට ලක් වී ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබූ ගුවන් යානය 06/08 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
Read Moreජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවෙසක් පොහෝ දිනය වෙනුවෙන් ජනපති සමාව දුන් සිරකරුවන් 388කගේ ලැයිස්තුවේ අනුරාධපුරයේ මුදල් වංචාවන්ට සම්බන්ධ සැකකරුවෙක් වූ අතුල තිලකරත්න නැමැත්තාගේ නම ඇතුළත් නොවුණ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreයුක්රේනයේ දෙවන විශාලතම නගරයට රුසියානුවන් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව කාර්කිව් නගරාධිපතිවරයා පවසා ඇති අතර, එමඟින් අවම වශයෙන් තිදෙනෙකු මිය ගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇත.
Read Moreමහ පොළොව යට තැන්පත්ව තිබූ විශාල සුදු ගල් පර්වතයක් ගොඩට ගෙන මාස හතරක වැනි කාලයක් තුළදී අඩි හයක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තනවා අවසන් කොට පිළිම වහන්සේ රංගිරි දඹුල්ල ජාතික පාසල් භූමියට වැඩම කරවීම 06 දින සිදු කෙරිණි
Read Moreමාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට අද ( 07) පස්වරුවේ එක්වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
Read Moreමෙවර අයවැය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06) පස්වරුවේ පැවැත් විණි.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර ඇත.
Read Moreමෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරිම් සහ නිවාස අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06දා) පැවැත්විණි.
Read Moreසමූපකාර බැංකු පද්ධතිය ඇතුළු සමූපකාර ක්ෂේත්‍රය විධිමත් කිරීම සඳහා නව නීති කඩිනමින් ගෙන ඒමට දැනටමත් කටයුතු අරඹා ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
Read Moreමෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්විණි.
Read Moreවර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලධාරියෙක් අදාළ කමිටුවට සම්බන්ධ කරගන්න එපා - කෝප් කමිටුව. විශ්වවිද්‍යාලයේ දෙවන වසර ඉගෙනුම ලබමින් සිටියදී සියදිවි නසාගත් චරිත් දිල්ෂාන් සිසුවාගේ සිදුවීම පිළිබඳව කාරක සභාවේ අවධානය. 2022 වසරේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට විශ්වවිද්‍යාල භූමියෙන් පස් කියුබ් 500ක ප්‍රමාණයක් නොමිලේ කපාගෙන යාමට අවරසර ලබාදීලා. වාර්ෂිකව විශ්වවිද්‍යාල වරම් ලබන සිසුන්ගෙන් 7000කට අසන්න ප්‍රමාණයක් පළමු අවස්ථාවේ ලියාපදිංචි වන්නේ නැහැ - ව
Read Moreමෙම වර්ෂයේ පළමු කාර්තුව තුළදී පමණක් NIRDC වෙත රුපියල් බිලියන 02කට අධික වටිනාකමින් යුත් ව්‍යාපෘති ලැබී තිබේ. මෙම ව්‍යාපෘතිවල තාක්ෂණික ශක්‍යතාවය, විනිවිදභාවයකින් යුතුව ඇගයීමකට ලක් කිරීම මේ වන විට ආරඹා ඇත.
Read Moreවිශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා පිලිබඳ දැනුම්වත් කිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිලධාරීන් සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරතන, ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
Read Moreමහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබේ.
Read Moreජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා ජුනි 13වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (6) නියෝග කළේය.
Read Moreඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට කොළඹ මහාධිකරණය හමුවේ අද (6) අධි චෝදනා භාර දුන්නේය.
Read Moreවිදුලි වාහන 800කට අධික ප්‍රමාණයක්ද ඇතුළුව මෝටර් වාහන 3,000 කට අධික ප්‍රමාණයක් රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනි ගැනීමත් සමගින් එහි කාර්ය මණ්ඩලය ජීවිත තර්ජනයකින් තොරව බේරා ගැනීමෙන් අතුරුව නෞකාව සාගරයේ අත්හැර දමා තිබේ.
Read Moreබස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් හෙට දිනයේදි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreසිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපොළෙන් 06/05 දින අලුයම 01.45 ට පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 306 දරන ගුවන් යානය ඉන්දුනීසියා ගුවන් අවකාශය තුළදී හදිසි කාර්මික දෝශයකට ලක් වීම නිසා එරට මෙඩාන් ( Medan ) ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
Read Moreපරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා තේරී පත්විය. ඒ එම කාරක සභාව ඊයේ (05) පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
Read Moreමහියංගන පොලිසියට අනියුක්තව සේවය කරන උපපොලිස් පරීක්ෂකවරයකු අද (6) උදෑසන පොලිස් විවේකාගාරය තුලදී ටී.56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ගෙන සිය දිවිනසාගෙන ඇතයි මහියංගන පොලිසිය පවසයි .
Read Moreරුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වන සීඩීබී මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකරුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය නියෝග කළාය.
Read Moreපානදුර කෙසෙල් වත්ත රාජ්‍ය බැංකුවකට අඩු කැරට් අගයක් සහිත රන් භාණ්ඩ උගස්කර රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කළ එම බැංකුවේ කළමනාකරුවෙක් සහ කළමනාකාරිනියක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයටක අවශ්‍ය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජනතාවගෙන් සහාය ඉල්ලා සිටියි.
Read Moreපරිසර විනාශය පිටුපස පසුගිය දේශපාලන අධිකාරියත් සිටියා, අප ඒ දේශපාලන සංස්කෘතිය නවතා තිබෙනවා,
Read Moreබිළිදෙකු උපන් විගස මවගෙන් වෙන්කර රුපියල් 75,000/-ක මුදලකට විකිණීමට තැත් කළ තිදරු මවකට බරපතල වැඩ සහිත වසර 07ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තිකාරිය තිදරු මවක ලෙස කර ඇත්තේ මානූෂ්‍ය සංහතිය කම්පාවට පත් කරන ක්‍රියාවක් බව අද (05) අවධාරණය කළේය.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගය හා කඩවත සම්බන්ධ වන කොටසේ ඉදිකිරීම් ලබන අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreප්‍රමිතියෙන් තොර චීන පොහොර නෞකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැය හතක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව අද පස්වරුවේ එයින්ට පිටත්ව ගියේය.
Read More