2021 වසරේදී ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය ඝාතන 521ක් සිදුව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
යාල වනෝද්‍යානයට ඇතුළත් ව අයථා ලෙස වාහන භාවිතා කරමින් වනජීවි හා වෘක්ෂලතා පනත උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ පිරිස සම්බන්ධව ඊයේ දිනයේ දී (25) යාල වනෝද්‍යානය බාරකරු විසින් අදාල පිරිසට අධිකරණමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කළේය.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින අර්බුදකාරී තත්ත්වයට සහනයක් වශයෙන් චීනය ලබාදෙන සහල් මෙට්‍රික් ටොන් 10000න් තවත් සහල් මෙට්‍රික් ටොන් 500ක් කොළඹ වරායට ගෙන ආ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කියයි.
Read Moreමේ අනුව දැනට ක්‍රියාත්මක ඒකකයට රුපියල් 22 හා රුපියල් 15.5ක ගාස්තුව වෙනුවට කිලෝවොට් 500ට අඩු සූර්ය විදුලි පද්ධති සඳහා ඒකකයට රුපියල් 37ක්ද කිලෝවොට් 500ට වැඩි සූර්ය පද්ධති සඳහා ඒකකයකට රුපියල් 34.50ක ගාස්තුවක්ද ගෙවන බව අමාත්‍යවරයා පවසයි.
Read Moreජාතික තරුණ සේවා සභාවේ අධ්‍යාපන කටයුතු සදහා ගූගල් මෙහෙයුම් භාවිතා කිරීම සදහා වූ ගිවිසුමකට අද (25) දින ජාතික තරුණ සේවා සභාවේ දී අත්සන් තැබිණි.
Read Moreඅනුමතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ගැසට් පත්‍ර පහක් රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී පසුගියදා සළකා බැලුණු අතර ගැසට් පත්‍ර හතරක් සදහා මෙහිදී අනුමතිය හිමිවිය.
Read Moreරට තුළ පවතින ඖෂධ සම්බන්ධයෙන් දෛනිකව සාකච්ඡා කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් වන විශේෂ කමිටුව දිනපතා රැස්වීමට අද (25) තීරණය කෙරිණි.මේ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ අමාත්‍යාංශ නිලධාරීන් රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, වෛද්‍ය සැපයුම් අංශය හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු ආයතන මේ සඳහා සහභාගි වේ.
Read MoreIndo-Pacific Endeavour 2022 අභ්‍යාසය සඳහා සහභාගීවන රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘එච්එම්ඒඑස් ඇඩිලේඩ්’ (HMAS Adelaide) සහ ‘එච්එම්ඒඑස් ඇන්සාක්’ (HMAS ANZAC) යන යුද නෞකා ද්විත්වය අද (25දා) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම නෞකා ද්විත්වය නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreකොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ අන්වාරම කතෝලික දේව ස්ථානය ඉදිරිපිට වංගු සහිත මාර්ගයේ අද (25දා) සිදු වු බිහිසුණු බස් රථ අනතුරකින් මොළගොඩ මංගලම ප්‍රදේශයේ 64 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක් මිය ගොස් ඇති අතර 32 දෙනෙක් රෝහල් ගත කර බවත් එයින් සිව් දෙනෙක් බරපතල තුවාල ලබා ඇති බවද මාවනැල්ල පොලිසියේ රථ වාහාන ස්ථානාධිපති එම්.පී.ඒ.එම්. රත්නායක මහතා පවසයි.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreබිත්තර හිඟයක් ඉදිරි උත්සව කාලයේදී ඇති විය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා පවසයි.
Read Moreතාක්ෂණික දෝෂයක් හේතුවෙන් බිඳවැටී තිබූ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලය මේ වනවිට යථා තත්ත්වයට පත්ව තිබේ.
Read Moreඅලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පනස් එකයි මිලිග්‍රෑම් තුන්සිය හතලිහක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ විෂ මත්ද්‍රව්‍ය ඒකකය පවසයි.
Read Moreත්‍රී රෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමුවත් ගාස්තුව අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා තීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පවසයි.
Read Moreලෝකයේ ඇතැම් කලාප වලින් වට්ස් ඇප් මාධ්‍ය ජාලයේ බිඳ වටීමක් වාර්තා වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව ඇතැම් පරිශීලකයන් වෙත වට්ස් ඇප් පණිවිඩ යොමුකිරීමට හෝ ලබා ගැනීමට නොහැකි වී ඇති සඳහන් වෙයි.
Read Moreපාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් සිටියත් ඒ් පිළිබඳව තොරතුරු දැන ගැනීමට ක්‍රමයක් නොමැති බවත් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පත්ව සිටින්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read More2021 වසරේදී කාන්තාවන්ට එරෙහිව බලඅපරාධ සිද්ධින් 567ක් වාර්තා වි ඇති අතර එයින් කාන්තාවන් 79 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් ශ්‍රිලංකා පොලිසිය සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවක සදහන්වේ.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය තුළ ස්ථාපිත කර තිබූ ආධාර පෙට්ටි තුළ එක්රැස් වී තිබූ රුපියල් 4,338,230 ක මුදලක් මහරගම අපේක්ෂා රෝහල වෙත පරිත්‍යාග කිරීම අද (25දා) උදෑසන ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
Read Moreවිකුණා මුදල් සොයා ගැනීමේ අරමුණින් රුපියල් ලක්ෂ 5කට ආසන්න යතුරු පැදි දෙකක් සොරකම් කළ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඊයේ (24දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කීත් ඩී. බර්නාඩ් මහතා පත්කර තිබේ. වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම පත්කිරිම සිදුකර තිබේ.
Read Moreලංකා ධිවර සංස්ථාව නිරන්තරයෙන් පාරිභෝගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදිමේ අරමුණින් නවින වෙළදසැල් ජාලාවක් දිවයිනපුරා ආරම්භකරමින් සිටින අතර එහි තවත් පියවරක් ඉදිරියට යමින් මීරිගම සහ පෑලියගොඩ දි වෙළදසැල් දෙකක් විවෘත කිරිම ධිවර අමාත්‍ය ඩග්ලස්දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24දා) සිදු කෙරිණි.
Read Moreඇමෙරිකා භාණ්ඩාගාරයේ සහකාර ලේකම් රොබර්ට් කැප්රෝත් මහතා ඇතුළු දූත පිරිසක් යළිත් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චුංග් මහත්මිය පවසයි.
Read Moreයාල වනෝද්‍යානයේ වාහන භාවිත කරමින් අනිසි ලෙස කටයුතු කළ පිරිසක් පාලනය කිරිමට අපොහොසත් වූ වනජීවී නිලධාරීන්ගේ මෙන්ම සංචාරක මග පෙන්වන්නගේ සේවය අත්හිටවීමට තීරණය කර ඇති බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.සේවය අත්හිටුවීමෙන් පසු එම නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට නියමිතය.
Read Moreපේදුරුතුඩුව පොලිස් වසමේ වල්ලිපුරම් ප්‍ර දේශයේ වෙල් යායක මත්පැන් පානය කරමින් සිටිය තරුණයින් 06 දෙනෙකුගෙන් දෙදෙනෙක් වෙල්යායේ තිබූ ළිඳකට වැටි දියේ ගිලී බරපතල තත්ත්වයෙන් මන්දිගායි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreදිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය තරමක් දුරට අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තතමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreවිදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ අද පෙරවරු 6.35 වන විට 254938ක් විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බවයි.
Read Moreනියාමනය කරන ත්‍රි රෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දමන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreරාජපක්‍ෂවරුන්ගේ ආධිපත්‍ය ජන බලයෙන් සහ ජන සවියෙන් පියවරෙන් පියවර ඉවත් කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read More21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ දින ඡන්ද විමසීමට සහභාගි නොවුණු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ලබාගැනීම වෙනුවෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරීවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreමෙවර අයවැයෙහි ’හාම්පුතා’ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණෙහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
Read More