කළුබෝවිල රූබන් පීරිස් මාවත ප්‍ර දේශයේ නිවසක ගරාජයක නවතා තිබූ මෝටර් රථයක් පිටතට ගැනීමේදී එම මෝටර් රථයේ ගැටුණු අවුරුදු එක හමාරක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (17දා) සවස් කාලයේදී මෙම අනතුර සිදුව තිබේ. මෝටර් රථයට යටවී අසාධ්‍ය තත්ත්වයෙන් සිටි දැරිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබේ.
මෝටර් රථය පදවා ඇත්තේ දැරියගේ මාමා වන අතර ඔහුගේ අපරික්ෂාකාරී ධාවනය හේතවෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිව තිබේ.