මැදවච්චිය, වව්නියාව ප්‍රධාන මාර්ගයේ මහකුඹුගොල්ලෑව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 13 ක දියණියක් මිය ගොස් ඇති බවත් එම අනතුරින් දියණියගේ මව බරපතල තුවාල ලබා වව්නියාව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටින බවත් පූනෑව පොලීසිය පැවැසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ මැදවච්චිය ජාතික පාසලේ 6 ශ්‍රේණියේ ඉගෙණුම ලැබූ ඩිලංකා සදමිණි බංඩාර නැමිති මහකුඹුගොල්ලෑව පූනෑව ලිපිනයේ පදිංචි දැරියකී.
ඊයේ (18) සවස 03 ට පමණ මෙම දියණිය සහ ඇයගේ මව තමාගේ බාල දියණියව පුද්ගලික පංතියක් වෙත රැගෙන යාම සඳහා මහකුඹුගොල්ලෑව ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිට නිවසේ සිට පා ගමනින් මහකුඹුගොල්ලෑව බස් නවැතුම් හංදිය දෙසට පැමිණ ඇත.
අනතුරුව බස් රථයක් පැමිණෙන තුරු මව සහ දියණිය අසල වෙළඳසැලකින් මාස් එකක්ද මිලදී ගෙන මාර්ගයේ අයිනකට වී සිටි ඇත. ඒ මොහොතේ එක් වරම මැදවච්චිය දෙස සිට වව්නියාව දෙසට පැමිණි කාර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම දෙදෙනාම යට කරමින් ධාවනය වී ඇත.
ඒ අනුව අසල සිටි පිරිස් එක්ව එම කාර් රථයද නවතා එහි සිටි රියදුරුටද පහර දී තුවාල ලැබූ මව සහ දියණිය වව්නියාව මූලික රෝහල වෙත ගෙන ගොස් ඇත. එහිදී දියණිය මිය ගොස් ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ මව දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කරීමට වව්නියාව රෝහල් බලධාරීන් කටයුතු කර ඇත.
එම කාර් රථයේ රියදුරු ලෙස ඇටඹගස්කඩ, මල්කඩුව, වව්නියාව ලිපිනයේ පදංචි රවින්ද්‍ර ප්රියදර්ශණ සිල්වා නැමැති 36 හැවිරිදි සැක කරු පූනෑව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එම අවස්තාවේ සිදු වූ හදීසි හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් සැකකරු පූනෑව පොලිස් ආරක්ෂාව මැද මැදවච්චිය දිසා රෝහල වෙත ඇතුලත් කර ඇත.
