රග්බි ලෝක කුසලානයට ලංකාවට ගෙන එයි
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වතාවට රග්බි ලෝක කුසලානයක් මෙරටට ගෙන ඒමේ අවස්ථාව උදා කරමින් 2023 ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන රග්බි තරගාවලියේ ජයග්රාකයින්ට පිරිනැමීමට නියමිත කුසලානය දින 06 ක ප්‍රදර්ශනය සදහා 02/18 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන ආවේය .
මෙම කුසලානය මෙම පෙබරවාරි මස 18 දින සිට 23 දක්වා කාළය තුළ ශ්‍රී ලාංකික ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත.
මෙම කුසලානය 02/18 දින අලුයම 05.25 ට ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 564 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එම කුසලානය පිළිගැනීම සදහා ජාතික ක්‍රීඩා සභාවේ ලේකම් සුජානි බෝගොල්ලාගම, හිටපු මහ බැංකු අධිපති, ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු රග්බි ක්‍රීඩා නායක (1974) ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, හිටපු රග්බි සභාපති, ජාතික ක්‍රීඩා සභාවේ මන්ත්‍රණ සභා සාමාජික වෛද්‍ය මයියා ගුණසේකර සහ හිටපු රග්බි සභාපති සහ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක ලසිත ගුණරත්න යන මහත්ම මහත්මීන් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
මෙම කුසලානය භාරව සහ එහි ආරක්ෂාව සදහා ප්‍රංශයේ සිට විශේෂ නිලධාරීවරයෙකු ද පැමිණ සිටියේය .


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
