යාචකයන් රඳවා තබන රජයේ රිදියගම නිවර්තන නිවාසයේ තවත් ඉඩ පහසුකම් ඇත්තේ යාචකයන් 100 කුට පමණක් බව එම නිවාසයේ අධිකාරි චාන්දනී සිරිවර්ධන මහත්මිය පැවසුවාය.
මේ වන විට එහි යාචකයන් 490 ක් පමණ දෙනා රඳවා තබා ඇතැයි ද ඇය පැවසුවාය.
දකුණු පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් මෙහි කටයුතු පාලනය කරන අතර අධිකරණය මගින් අයාල පනත යටතේ යාචකයින් මෙම නිවාස සඳහා යොමු කරන බව අධිකාරිවරිය කීය.
ගැහැණු වාට්ටු 12 ක් ඇතුළු වාට්ටු 26 කින් මෙම නිවර්තන නිවාසය සමන්විත අතර කාර්ය මණ්ඩලය 107 කුගෙන් සමන්විත බව චාන්දනී සිරිවර්ධන මහත්මිය කීය.
මානසික ආබාධ සහ එක්තැන්වූ යාචකයන් මෙම නිවාසය සඳහා බාර නොගන්නා බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.