දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව නැගෙනහිර හා ඌව පළාත්වලත් පොලොන්නරුව හා මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තතමේන්තුව පෙන්වා දෙයි.
මීට අමතරව බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඒළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක් දක්වා තද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.