saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 45 hours ago

LATEST

මගේ වත්කම් ගැන පක්ෂය‌ට ගැටලුවක් නෑ

calendar_today 2025 සැප් 19 - 07:29 remove_red_eye - 332  

වත්කම් බැරකම් පිළිබඳ තොරතුරු මෙවර මැතිවරණයෙදී පමණක් නොව, මීට පෙර පැවැති මැතිවරණ වලදීද ඉදිරිපත් කළ බවත්, මෙම වත්කම් වෙනත් පුද්ගලයන්ට මැජික් එකක් වුවද තමන්ට එය මැජික් එකක් නොවන බව වෙළඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතා ඊයේ රාත්‍රී ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් තිබේ. ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයටද දුනිත් ක්‍රීඩා කරනු ලැබීය.

Read More

දකුණේ පාතාල නායකයකු වන දැනට විදෙස්ගතව සිටින අහුන්ගල්ලේ බබාගේ නමැත්තා විසින් අහුන්ගල්ල කටුවිල පදේශයේ අලුතින් ඉදිකරනු ලබන දෙමහල් නිවස කිසියම් අයෙකු හෝ කණ්ඩායමක් විසින් අද (18) අලුයම ගිනි තැබීමක් සිදු කොට ඇති බව අහුන්ගල්ල පොලීසිය කියයි.

Read More

තිහගොඩ පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රදවා සීටි සැකකරුවකුට දුම්වැටියක් දීම හා එම සැකකරුගෙන් දුම්වැටියක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ සැරයන්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කල බව මාතර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

Read More

තමන් ඉදිරිපත් කර ඇති වත්කම් වලට අමතරව වෙන වත්කම් තිබේනම් ඒවා රජයට පවරාගෙන ජනතාවට බෙදා දෙන ලෙස තමන් සඳහන් කරන බව මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

දෛනික අවශ්‍යතා අනුව භාණ්ඩ මිලදී ගැනීමේදී හා විවිධ ගනුදෙනු සඳහා මුදල් පරිහරණය කිරීමේදී එම මුදල් ව්‍යාජ මුදල් නෝට්ටුද යන්න පිළිබඳව සුපරික්ෂාකාරිව හා අවධානයෙන් යුතුව තහවුරු කර ගන්නා ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

Read More

රටේ බලශක්ති අරමුණු ජය ගැනීමේදී නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මෙන්ම නවීන තාක්ෂණය හා ක්‍රමවේද උපරිම අයුරින් භාවිත කිරීම තම රජයේ ක්‍රියා පිළිවෙත බව අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසා සිටියේ අද (18) දින කොළඹදී පැවැත්වෙන “හයිඩ්‍රජන් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වන පාර්ශවකරුවන්ගේ උපදේශන සමුළුවේ“ (Stakeholder Consultation on Draft Renewable Hydrogen Policy of Sri Lanka) ආරම්භක අවස්ථාව අමතමිනි.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ මූල්‍ය ස්ථාවරත්වය, තිරසාරභාවය සහ පාරිභෝගික ආරක්ෂාව සමඟ පෙළගැස්වීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කරමින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ විශේෂඥයින් විනිවිද බවින් යුක්ත විදුලි ක්ෂේත්‍රයක් සඳහා පිරිවැය ආපසු ලබාගැනීම සහ පිරිවැය ගාස්තු සමබර කිරීම ප්‍රතිපත්තිමය ලෙස අත්‍යවශ්‍ය වන කාරනා බව පෙන්වා දුන්හ.

Read More

ජුනි මාසයේදී අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ජෙට් යානයකින් මියගිය මගීන් හතර දෙනෙකුගේ පවුල්වල සාමාජිකයන්, ගුවන් යානා නිෂ්පාදක බෝයිං සහ ගුවන් යානා කොටස් නිෂ්පාදක හනිවෙල් සමාගම්වලට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ නඩුවක් ගොනු කර ඇති අතර, සමාගම්වල නොසැලකිලිමත්කම ඊට හේතු වී ඇති බව නඩුුව ගොනු කරමින් ඔවුන් සඳහන් කරයි.

Read More

උණ ශාකය තුලින් පරිසර පද්ධතිය ආරක්ෂාකර ගැනීම, පස සංරක්ෂණ ක්‍රියාවලිය, පරිසරයට ඔක්සිජන් නිකුත් කිරිම සහ ජල මූලාශ රැක දීම ඇතුලු පරිසර ක්‍රියාවලියන් ගණනාවක් සිදු කරයි.

Read More

තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා නව ක්‍රමවේදයක් සති දෙකක් ඇතුළත හඳුන්වාදීමට අපේක්ෂා කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

Read More

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 16 දෙනෙකුට මරු කැදවමින් 17කට තුවාල සිදුව අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලීගිය විනෝද චාරිකා බස්‍ රථය අනතුරට ලක්වීමට තත්පර කීපයකට පෙර ගැටුන රුපියල් ලක්ශ 800ක් පමන වටිනා (කෝටි 8) සුඛෝපභෝගී ජීප් රථයේ ආරක්ශිත කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නොමැති බවට අදාළ ජීප් රථය විකුනූ සමාගම මගින් ලබා දුන් වාර්තාවකින් අනාවරණය විනැයි ඇල්ල පොලිසිය අද (18) පැවසීය .

Read More

’’මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා - 2025 ( Miss Grand Sri Lanka - 2025) රූ රැජින තරගාවලියේ ප්‍රධාන විනිසුරුවරිය ලෙස කටයුතු කිරීම සදහා 2022 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස ජයග්‍රහණය හිමි කර ගත් ඉන්දියාවේ සර්ගම් කවුෂාල් මහත්මිය ( Mrs :Sargam Koushal ) 09/17 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

Read More

රුපියල් කෝටි 7ක මුදලක් රජයට පාඩුවන අන්දමින් වංචනිකව පරිහරණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා ඔක්තෝබර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

Read More

පවතින වියලි කාලගුණය හමුවේ වසර පහකට පසු පුත්තලමේ වාර්තා ගත ලුණු අස්වැන්නක් ලැබි ඇති බවත් ඉදිරි දින කිපයද මෙලෙස වියළි කාලගුණ තත්වයක් පැවතුනොහොත් රටේ ලුණු අවශ්‍යතාවයෙන් බහුතරයක දායකත්වය පුත්තලමේ ලබා දිය හැකි මට්ටමක පවතින බව ලුණු නිෂ්පාදකයින් පවසයි.

Read More

ඉන්දුනීසියාවේදී අත්අ‌ඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙනවිත් මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ ලබන 25 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

දිවයිනේ සම්මාන දිනූ කසල කළමනාකරණ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නැවතීම දිස්ත්‍රික්ක ගණනාවක ලැබෙන කුණු කසල සියල්ල මහ වනයට මුදා හැරීම නිසා නැවතත් වන සතුන් අලි ඇතුන් කසල ආහාරයට ගැනීම සිදුවන බව දඹුල්ලේ ජනතාව පෙන්වා දෙති.

Read More

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා තමා ගමන්ගත් වාහනයට ඉකුත්දා නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තුසිත හල්ලොලුව මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ නව දියවඩන නිලමේවරයෙකු පත්කර ගැනීම සඳහාා වූ නිලවරණය නොවැම්බර් මස 07 හෝ ඊට ආසන්න දිනකදී පත්වීම සඳහා මේ වන වනවිට සක්කච්ඡා කරමින් පවතින බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා පවසයි.

Read More

විදුලි බල මණ්ඩල සේවයකයන් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොම්පඤ්ඤවීදිය සිට ලේක් හවුස් වටරවුම දක්වා වූ මාර්ගය විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටින් අවහිර වී තිබේ. මේ හේතුවෙන් එම මාර්ගයේ අධික රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

Read More

පාසල් පැවැත්වෙන දිනයන් හිදී පෙ.ව. 06.30 සිට පෙ.ව. 07.45 දක්වා සහ පෙ.ව. 11.30 සිට ප.ව. 02.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් පනවන ලද නව කොන්දේසිය අත්හිටුවීමට කටයුතු කර තිබේ.

Read More

අදත් සුලු පිරිසක් අසාර්ථක උත්සාහයක් ගත්තා. අයිතිවාසිකම් රැකගන්න සේවකයන්ට බොරු කියලා රවට්ටලා දේශපාලනය කරන්න එපා කියන කාරණය සිහිපත් කරනවා යැයි වැඩිදුරටත් පැවසීය.

Read More

මිනිස්සු ගැන සත පහක හැගීමක් නැති අය ඉන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. මිනිස්සු මරණ තුනක් ඉන්නේ. වහිනකොට තෙමෙනවා ජනේල් වහන්න බෑ. ජනේල් වැහුවොත් දාඩිය දානවා ෆෑන් නෑ. වොෂ් රූම්වල වතුර නෑ. හිර ගෙයක් වගේ. මේක කරන්න නැත්නම් මම රත්මලානට මගීන් එවනවා. ජා ඇල සීදුව පැත්තේ අවුරුදු හතරක ළමයෙක් කේච්චියේපළවෙනි ගමන යන්න ඇවිත් ජනේලයක් වැටිලා ඒ ළමයගේ ඇඟිලි දෙකක පුරුක් දෙකක් තැලුණා.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුව පවසයි.

Read More

ළමුන් සදහා ආරක්ෂිතව සාක්ෂි දීමේ සාක්ෂි කාමර ස්ථාපිත කිරීම මෙරට අධිකරණ පද්ධතියේ හැරවුම් ලක්ෂයක් බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

Read More

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර තොටළඟ සිරිමාවේ බණ්ඩාරනායක මාවත, බස් නැවතුම්පොළ අසලදී පෙරවරුවේ ආරම්භ කෙරිණි.

Read More

ඇල්ල,වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසල ඉකුත්‍දා සිදුවූ බිහිසුණු බස් රථ අනතුරින් තුවාලලත් රෝගීන් බේරා ගැනීමට තම ජීවිතය පරදුවට තබා ක්‍රියා කල නිවාඩු ලබා සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබලාට නිල උසස් වීමක් ලබාදී මුල්‍යමය වශයෙන්ද ආධාර කර ඇගයීමට ලක්‌ කිරීම යුද හමුදා මුලස්ථානයේදී සිදුකර ඇත.

Read More

සෙබාදනවි විදුලි බලාගාරයේ සම්පූර්ණ ධාරිතාව වන මෙගා වොට් 350 අද පස්වරුවේ අග්‍රාමාත්‍ය හරිනි අමසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජාතික පද්ධතියට එක්කරනු ලැබීය. මේ හරහා සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 12ක් සපුරාලීමට අවස්ථාව ලැබෙයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි කොළඹ විජේරාම නිල නිවස අලුත් වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 5000කට අධික ප්‍රමාණයක් වැය කර ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු අදායම් ලාභී පුද්ගලයන්ගේ නිවාස 150ක් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් වැය කරන මුදල රුපියල් ලක්ෂ 1400ක් බවත් ඉඩම් හා වාරී මාර්ග නියෝජ්‍යය අමාත්‍යය සුසිල් රණසිංහ මහතා පැවසීය.

Read More

දැනට ලංකාවේ වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු ලබන කහ සහ ඉඟුරු වගාවන් සඳහා විශේෂ රක්ෂණ යෝජනා ක්‍රියාතමක වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.