මෙරට අධිකරණ 293ක නඩු එකොළොස්ලක්ෂ,කිස්හතරදහස්,හාරසියහැත්තෑහතරක් (1,134,474) විසදිමට ඇති බැව් අධිකරණ සහ ජාතික එකාබද්ධතා අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
ඒ අනුව ඉකුත් වර්ෂයේ (2025) ජුනිමස 30 වැනිදින වනවිට මින් වැඩිම නඩු සංඛ්‍යාවක් විසදිම සදහා ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණවල වන අතර එම නඩු සංඛ්‍යාව 818,869කි.දිසා අධිකරණ 67ක විසදිමට ඇති නඩු 260,007කි.ශ්‍රේෂ්ඨාධිකරණය තුල විසදිමට ඇති නඩු සංඛ්‍යාව 5396කි. අභියාචනාධිකරණය තුල නඩු 5216ක්, සිවිල් අභියාචන මහාධිකරණ තුල නඩු 6,591ක්, වාණිජ මහාධිකරණ තුල නඩු 6,330ක්, මහාධිකරණ තුල ( අපරාධ) 27,376ක් විසදිමට ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.
ළමා මහේස්ත්‍රාත් අධිකරණ තුල නඩු 1556ක් සහ කම්කරු විනිශ්චය සභා තුල නඩු 3,131ක් විසදිමට තිබුණි. මේ අතර අධිකරණයට අපහාස කිරිමේ නඩු 65ක් විසදිමට ඇති බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.