තායිවානය සම්බන්ධයෙන් චීන ජනපති ඇමෙරිකා ජනපතිට අනතුරු අඟවයි
තායිවානය සම්බන්ධයෙන් ඇමරිකාව අනුගමනය ක්‍රියාමාර්ග ඇතැම්විට චීනය හා ඇමෙරිකාව අතර ගැටුමක් පවා ඇතිවිය හැකිකරුණක් බැවින් තායිවානය සම්බන්ධයෙන් වන ගැටලුව ඉතා සුපරික්ෂාකාරීව හැසිරවිය යුතු බව චීන ජනපති ෂී ජින්පින් ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පවසා තිබේ.
චීනයේ සංචාරයක නිරත ඇමෙරිකානු ජනපතිවරයා හා පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවේදී චීන ජනපතිවරයා මේ බව පවසා තිබේ. චීන-ඇමරිකානු සබඳතාවල වැදගත්ම ගැටලුව තායිවානය බව මෙහිදී චීන ජනපතිවරයා සඳහන් කර තිබේ.
"එය හොඳින් හසුරුවා ගතහොත්, ද්විපාර්ශ්වික සබඳතා සාමාන්‍යයෙන් ස්ථාවරව පැවතිය හැකිය. එය නිසි ලෙස හසුරුවා නොගතහොත්, රටවල් දෙක ගැටීමට හෝ ගැටුමකට පවා පත්විය හැකිය, එමඟින් සමස්ත චීන-ඇමරිකානු සම්බන්ධතාවය ඉතා භයානක තත්වයකට තල්ලු විය කිය," ෂී සඳහන් කර තිබේ.
තායිවාන ස්වාධීනත්වය තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය සමඟ "මූලික වශයෙන් නොගැලපෙන" බව ඔහු තවදුරටත් පවසයි.
සමුද්‍ර සන්ධියේ සාමය යනු "චීනය සහ එක්සත් ජනපදය අතර ඇති විශාලතම පොදු පදනම" බව ඔහු පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
