ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියට සමගාමීව, වසර ගණනාවක් ආයතනය වෙනුවෙන් සුවිශේෂී සේවාවක් ඉටුකර ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන සේවක යන් වෙනුවෙන් වන්දි පිරිනැමීමේ වැඩසටහනක් බලශක්ති අමාත්‍යාංශය මගින් සංවිධානය කර ඇත.
"අභිමානවත් සේවයක - සුරක්ෂිත නිමාව" තේමාව යටතේ පැවැත්වෙන මෙම වැඩසටහනේදී සේවකයින් 1,898 දෙනෙකු වෙත උපරිම ඇගයීමක් ලබාදෙමින් රුපියල් බිලියන 8.5 ක දැවැන්ත මූල්‍ය වන්දි ප්‍රමාණයක් ප්රදානය කිරීම සිදුකෙරේ.