අනුරාධපුර දැරියගේ සිදුවිම ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් දැනුම් දිමක්
මේ දිනවල ආන්දෝලනයට ලක්ව ඇති අනුරාධපුර බාලවයස්කාර දැරියකට සිදුවූ ළමා අපයෝජන සිදුවීම සම්බන්ධව මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම සිදුවීම වාර්තා වූ දිනයේ සිට නියාමන කටයුතු සිදු කරමින් සිටින බවත් ඉදිරියටද මෙම බාල වයස්කාර දැරියගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සහ ඇයට යුක්තිය ඉටුවන පරිදි මෙම විමර්ශන කටයුතු සිදුවනවා දැයි නියාමනය කිරීම සහ අවශ්‍ය අවස්ථා වලදී ළමයාගේ උපරිම යහපත වෙනුවෙන් සුදුසු පියවර ගැනිමට සුදානම් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාව වෙත දන්වා සිටී.
දැරියගේ අයිතිවාසිකම් හා නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත එල්ලවී නොමැති බවත් මේ සම්බන්ධ කටයුතු නිසි පරිදි නියාමනය කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉදිරි පියවර ගන්නා බවත් ඒම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ සම්බන්ධයෙන් පුරවැසියන් කිසිදු අනියත බියක් හෝ මහජන කැළඹීමක් ඇති කරගැනීමට හේතුවක් නොමැති බවත්, යම් හෙයකින් අනවශ්‍ය ලෙස මහජන කැළඹීමක් ඇති වුවහොත් එමගින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධාවක් වියහැකි බවත් ඒම නිවේදනයේ දැක්වෙයි.
එසේම මේ වන විට වින්දිත දැරිය විශේෂ රැකවරණ මධ්‍යස්ථානයක ඉතාම සුරක්ෂිතව රඳවා ඇයගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ළමුන්ට සියළු ආකාරයේ හිංසනයන්ගෙන් ආරක්ෂාවීමට ඇති අයිතිය තහවුරු කිරීම සැමගේ යුතුකම මෙන්ම වගකීමද වන බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
