මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් ඉහළට
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට දින කීපයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ නඟිමින් පවති.
අධික වර්ෂාවත් සමග ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති මාවුස්සාකැලේ ජලාශය සතියක කාලයකදී වැසි ජලයෙන් අඩි 05 ක් හා කාසල්රී ජලාශය අඩි 15 ක් වශයෙන් ජල මට්ටම ඉහළ ගොස් ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.
ප්‍රමාණවත් වැසි ලැබීම ප්‍රමාධ වීම හේතුවෙන් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම (15) දා පෙරවරුව වන විට පිටාර මට්ටමේ සිට පිළිවෙලින් අඩි 37 ක් හා 28 ක් වශයෙන් පහත බැස තිබුණ බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.
ලක්ෂපාන ජලවිදුබලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, බ්‍රෝඩ්ලන්ඩ්, කැනියොන් හා විමලසුරේන්ද්‍ර යන විදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ, මාවුස්සාකැලේ හා කාසලරී යන ජලාශ දෙකෙනි. මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම පහත බැස ඇති අයුරු ඡායාරූප වලින් දැක් වේ.
සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
