විදුලිබිල අඩුකිරීමට සැලැස්මක් අපට තියෙනවා
පුනර්ජනනීය බලශක්ති දායකත්වය වැඩිකිරීමෙන් හා ජල විදුලිය නිෂ්පාදනය කාර්යක්ෂම කිරීම තුළින් ජනන වියදම අඩුකර ඉදිරියේදී විදුලිබිල අඩුකිරීමට ක්‍රියාත්මක කරන සැලැස්මක් පවතින බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවැසිය.
අමාත්‍යවරයා අදහස් පළ කළේ අද (15) විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අනුව ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යාම තෝරාගත් සේවකයන්ට මූල්‍ය වන්දි ලබාදීමේ උත්සවයට එක්වෙමිනි.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අපි බලාපොරොත්තු වුණු ප්‍රධාන කරුණු කීපයකින් එකක් තමා කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම, ඒ අනුව පාරිභෝගිකයාට උසස් සේවයක් ලබාදෙන ආයතන බවට අළුතින් පිහිටුවන ආයතන පත් කරමින් ප්‍රතිව්‍යුහගතකරණයෙදී රටේ ජනතාවට ලබාදුන් පොරොන්දුව ඉෂ්ඨ කරන්න කටයුතු කරනවා. ඒ වගේම මේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල තුළ සේවකයින්ට දුන්න පොරොන්දු ඒ විදියහටම ඉෂ්ට කරන්නත් මේ වෙන කොට අපට පුලුවන් වෙලා තියෙනවා. අද විශ්‍රාම වන්දි දීමනා ලබන ඔබ සියලු දෙනාගේම බලාපොරොත්තු, සුභ සිහින ඒ විදිහටම ඉෂ්ට වේවා කියලත් මා ප්‍රාර්ථනා කරනවා. “ යනුවෙන්ද පැවසීය.
විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අනුව ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන ලංවිම සේවකයින් 1898 දෙනෙකු වෙනුවෙන් මූල්‍ය වන්දි ලබාදීම සම්බන්ධ වැඩසටහන අද(15) දෙහිවල EDL D4 ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
