saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4437 hours ago

LATEST

බෙන්තොට සාදයක් වටලයි - 30ක් අත්අඩංගුවට - අයිසුත් සොයා ගනියි

calendar_today 2022 දෙසැ 18 - 09:52 remove_red_eye - 241  

බෙන්තොට නිවාඩු නිකේතනයක මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පැවැත්වූ බව කියන පුද්ගලයන් 30ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් මීගමුව රෝහලට ඇතුළත් වූ කාන්තාවක් එම රෝහලේ අටවැනි මහලෙන් බිමට පැන දිවි නසාගෙන ඇතැයි පොලීසිය කියයි.

Read More

වැල්ලම්පිටිය, කොටුවිල ප්‍ර දේශයේ කැළණි ගඟේ ඉවුරේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ (18දා) දහවල් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

පළමු වන දකුණු ඉන්දීය ප්‍රවීනයන්ගේ විවෘත මළළ ක්‍රීඩා ශුරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම පදක්කම් 144 ක් දිනා ගෙන 12/17 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනිමට ක්‍රොයේෂියාව සමත් විය. ඒ් වෙනුවෙන් පැවති තරගයේදී මොරොක්කෝව පරදා ගෝල 2-1 ක තියුණු ජයක් හිමි කර ගැනීමට ක්‍රොයේෂියාව සමවිය. මෙම තරගය කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

Read More

දෙහිවල දුම්රිය ස්ථානයේදී තරුණයන් දෙදෙනකු හා තරුණියක දුම්රියේ ගැටී සිදුවූ අතුරකින් තරුණයෙක් හා තරුණියක් මියගොස ඇති අතර අනෙත් තරුණයා සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

Read More

ග්‍රෑම් 450 පාන් ‌ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. තිරිගු පිටි මිල අඩුවීමට සාපේක්ෂව මෙසේ පාන් මිලද අඩු කර තිබේ.

Read More

ඉදිරි පැය 36ක කාලය තුළ දිවයිනේ නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි..

Read More

ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (17දා) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි.

Read More

කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර වෙත පළා යෑමට තැත් කළ ඉරාන ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අද (17දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

ලංකා ධීවර සංස්ථාවේ සතුව ඇති ගාලු ධීවර වරායේ පවතින අයිස් කර්මාන්ත ශාලාව දැනට වැඩ නවත්වා ඇති අතර එහි ඇති ඇමෝනියම් වායුව කාන්දු වීම පිළිසකර කර හැකි ඉක්මණින් එය ඇරබීමට අවශ්‍ය කටයුතු පිළිසකර කරන බව ඊයේ (16දා) එහි සංචාරය කළ ධීවර අමතාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එහි සේවය කරන සේවකයන් හා ගාල්ල ධීවර සමිති නියෝජිතයින් අමතා ප්‍රකාශ කළේය.

Read More

කාන්තාතාවකට අතරව කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත් වී තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට කළ ඉල්ලීමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලැබී තිබේ.

Read More

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දවා ලූ අවම ලකුනු සංඛ්‍යාවේ වාර්තාව අළුත් කීරීමට ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්විය. ඒ් මෙවර තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම ලකුනු 15 කට දවා ගනිමිනි.‍ මෙම තරගය සිඩ්නි ක්‍රීඩාංගණයේදීම පැවැත්වීම විශේෂත්වයකි.

Read More

ඇල්පිටියේ කෝටිපති කුරුදු වයාපාරිකයකු ඝාතනය කළ අයෙකු එම ඝාතනයෙන් වසර හතර කට පසුව ඊයේ (16) රෑ ඇල්පිටිය අටකොහොට පදේශයේදී සැකපිට පශ්න කිරීමට අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කරනවා වගේම මෙරට බැංකු ක්ෂේත්‍රය කඩා නොවැටී පවත්වාගෙන යාමටත් අපි කටයුතු කළ යුතුයි. බැංකු පද්ධතිය කඩා වැටුණොත් සංචාරකයන් අපේ රටට එන්නේ නෑ. ඒ නිසා සංචාරක ක්ෂේත්‍රයත්, බැංකු ක්ෂේත්‍රයත් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ආණ්ඩුව සතුව තිබෙනවා. අපි එය ඉටු කරනවා.

Read More

සති අන්ත නිවාඩුවත් සමග කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් ශ්‍රි පාද වන්දනා කිරිමට හැටන් දුම්රිය ස්ථානය වෙත (16) දින විශාල වන්දනාකරුවන් පැමිණ සිටිහ.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳව දිවිපාර්ෂවික ණයහිමියන් , ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල, මුදල් අමාත්‍යංශය හා ශ්‍රි ලංකා මහාබැංකු නිලධාරින් අතර 3 වන මාර්ගගත හමුව ඊයේ (15දා) පැවැති බව මුදල රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි.

Read More

මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය මැඩලීම් සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා උපදෙස් දෙනු ලැබිය.

Read More

තමන්ගෙ හැගීම් පිළිබඳව මෙන්ම තම පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස සමස්ත ජනතාවගෙන් මෙන්ම මාධ්‍ය යෙන් ඉල්ලා සිටින බව ශාෆ්ටර් පවුල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තලාවේ ධම්මික හිමියන් මෙම මස 27දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කලාය .

Read More

ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවල දී ඩොලර් සහ වෙනත් ප්‍රධාන විදෙස් මුදල් ඒකක වෙනුවට ඉන්දියානු රුපියල් මුදල් භාවිතයෙන් ගණුදෙනු කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් වොස්ට්‍රෝ ගිණුම් 5 ක් විවෘත කිරීමට ඉන්දියානු මහා බැංකුව අනුමැතිය ලබා දී ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

Read More

ජාත්‍යන්තර රොටරි සංවිධානය මගින් රුපියල් මිලියන 47ක් වටිනා ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පරිත්‍යාග කර තිබේ.

Read More

ජනශක්ති සමූහයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්ඩංගුවට ගැනීම සඳහා අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

කොල්ලුපිටියේ පසුගියදා සිදුවු රිය අනතුර සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කෝටිපති ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියේය.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළුව ගොනු කළ පෙත්සම් 03 ක් පෙබරවාරි මස 07දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16දා) නියම කළේය.

Read More

කිලෝ ග්‍රෑම් 200කට අධික බරින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග ධීවර යාත්‍රා 2ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

Read More

අනතුරකට ලක්ව පියාඹන්න බැරිව බිම වැටී සිටි දුර්ළභ ගණයේ කැලෑ බස්සකු බෙරලිය ප්‍ර දේශයේදී ඊයේ (15දා) හික්කඩුව වන ජීවී කාර්යාලයේ නිලධාරීන්ට හමුව තිබේ. ලද දැනුම්දීමකට අනුව මේ සත්වයා හමුවූ බව හික්කඩුව වන ජීවී කාර්යාලය පවසයි.

Read More

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තිළිණි ප්‍රියමාලි අද (16දා) රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල් මිලියනයක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

Read More

දෙස් විදෙස් සංචාරකයන් සඳහා විනෝදාත්මක සේවා සපයනු ලබන නව “දියත්මා”ලෙෂර් බෝට්ටු සේවයක් බත්තරමුල්ල, දියවන්නා ඔය කේන්ද්‍ර කරගමින් ඊයේ (15දා) ආරම්භ කරනු ලැබිණ

Read More

නව සංධානයකින් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන බවත්, ඉදිරිපත්වන ලකුණ ඉදිරියේදී තිරණය කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.