ඡන්ද අපේක්ෂක රාජ්‍ය සේවකයින් නැවත සේවයේ පිහිටුවයි
මෙම වර්ෂයේ පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් සහිතව සේවයේ වාර්තා කිරීමට ඉඩකඩ සලසා දිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දින නියමයක් නොමැතිව පලාත් පාලන මැතිවරණය කල් දැමීම නිසා ඒහි අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් දැඩි අර්බුදයකට ලක්වීම සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ග ගත් බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්විමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
කෙසේ වෙතත් අදාළ නිළධාරීයා අපේක්ෂකයෙකු ලෙසින් ඉදිරිපත් වූ ඡන්ද කොට්ඨාශ වල ඔවුන්ට සේවයට වාර්තා කිරීමට ඉඩ ලබා නොදෙන බවත්, සිය ඡන්ද කොට්ඨාශය තුළ සේවයේ යෙදී සිටි ඒවැනි නිළධාරීන් ඉන් පිටත ස්ථානයකට මාරු කොට නැවත සේවයේ පිහිටුවීමට ක්‍රියා කරන බවත් බන්ධුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.
මැතිවරණ කොමිෂන් සභවේ නිරීක්ෂණ සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව හෙතෙම මෙහිදී වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

