මෙවර වෙසක් දිනය වෙනුවෙන් කොළඹ නගරයේ වෙසක් කලාප 6ක් සහ මේ වනවිට ලියාපදිංචී කර ඇති දන්සල් සංඛයාව 125ක් බව කොලඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කරයි.
කොලඹ මහ නගර සභාව, බුද්ධ ශාසන අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපති කාර්යාලය සහ සියලුම අමාත්‍යාංශ මෙන්ම ආයතන එක්ව විශේෂ වෙසක් පූජොත්සව වැඩසටහනක් කොළඹ නගරය පුරා ක්‍රියාත්මක කිරීමට මේ වන විට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවත් බුද්ධි රශ්මි වෙසක් කලාපය, වාළුකාරාමය වෙසක් කළාපය, බෞද්ධාලෝක මාවතේ වෙසක් කලාපය, පුරහල ආශ්රිත වෙසක් කලාපය, වරාය අධිකාරිය ආශ්රිත වෙසක් කලාපය සහ නිදහස් චතුරස්‍රය අවට වෙසක් කලාප ආදි වශයෙන් කොළඹ නගරය ආශ්‍රිතව වෙසක් කලාප 6ක් පැවැත්වීමට නියමිත බවත් ඔහු සඳහන් කරයි.
එමෙන්ම ගාළු මුවදොර පරිශ්‍රයේ විශාල දන්සලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් අද (03) වන විට දන්සල් 125ක් ලියාපදිංචී වී ඇති බවත් මේ අතරින් බත්, දුන්තෙල් බත්, ෆ්‍රයිඩ් රයිස්, කහ බත් දන්සල්ම 49ක් ලියාපදිංචි වී ඇති බවත් වෛද්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
එමෙන්ම සියලුම වෙසක් කලාප ආශ්‍රිතව නරඹන්නන්හට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මෙන්ම පානිය ජලය ලබා දීම සඳහා ජාතික ජල සම්පාදන මණ්ඩලය හා එක්ව වතුර ටැංකි සැපයීමට පියවර ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
තිසර ගංගාදර