ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යුරීයා හා MOP පොහොර ලබා ගැනීම පහසු කර ගැනීමට රුසියානු රජයේ සහයෝගය ලබා දීමට එකඟත්වය පළ කර තිබේ.
ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගිතාවය මත හා දෙරට අතර පවතින මිත්‍රත්වය තහවුරු කරන පරිදි මෙම යුරියා හා MOP පොහොර ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කර ඇත.
මේ සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (03) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති H.E. Levan Dzhagarayan මහතා හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් යන මහත්ම මහත්මීහු මෙන්ම පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරු ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යුරියා හා MOP පොහොර සැපයීමේ වැඩ පිළිවෙළ කඩිනමින් ආරම්භ කිරීම සඳහා දෙරට අතර කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ද මෙහිදී රුසියානු තානාපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම මෙම කටයුතු ලබන මහ කන්නය ආරම්භයට පෙර අවසන් කිරීමටත්, ලබන මහ කන්නයේ දී යුරියා හා MOP පොහොර ගොවීන්ට ලබා දීමේ වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම ඉළක්ක කර ගනිමින් වැඩ කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.