වැලිගම, පැලෑන ප්‍ර දේශයේදී අතුරු මාර්ගයකින් ධාවනය කළ ත්‍රි රෝද රථයක් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරිමේදි මාතර සිට මහනුවර දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් ත්‍රි රෝද රථයේ රියදුරු, පසුපස ගමන් කළ මවක් හා පාසල් ගොස් නැවත නිවස බලා යමින් සිටි ඇගේ පිරිමි දරුවන් තිදෙනෙකු හා තවත් පිරිමි පුද්ලයෙකු බරපතල තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී ත්‍රි රෝද රථයේ රියදුරු වන අවුරුදු 32ක් වන යුද හමුදා සෙබළෙක් හා අවුරුදු 9ක පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන් පැලෑන, වැලිගම පදිංචිකරුවන් වෙයි.
වයස අවුරුදු 7ක තවත් සිසුවෙක් අසාධ්‍ය තත්ත්වයෙන් මාතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන අතර තුවාල ලැබූ අනෙක් තිදෙනා එම රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබයි.
යාවත්කාලීන - 8.00 pm
අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට
වැලිගම පැලෑන පොහොර ගබඩා දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී අද (03) සිදුවූ අනතුරෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තවත් දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 07 හැවිරිදි දරුවෙකි.
ඒ අනුව එම අනතුරෙන් සිදුවූ මරණ ගණන 03ක් දක්වා ඉහළගොස් තිබේ.
