මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හිමිකාරීත්වය යටතේ කළමණාකරණය කිරීමට අනුමැතිය ලබාදීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අද (03දා) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.ත 2010 වර්ෂයේදී ආරම්භ කළ මෙම සිනමා උද්‍යානය දීර්ඝ කාලීන කළමණාකරණ දුර්වලතා නිසා නොසලකා හැර ඇති බවත්, බොහෝ විශාල ප්‍රාග්ධන ආයෝජනයක් රහිතව නැවත ඒය අන්තර්ජාතික මට්ටමට ගොඩනැගීම අසීරු වී ඇති බවද හෙතෙම මෙහිදී පැවසීය.
ඒ් අනුව සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් මෙය රාජ්‍ය හා පෞද්ගලික හිමිකාරිත්වය යටතට ගැනීමට අවසර ඉල්ලා ඇති බවත් හෙතෙම මෙහිදී පැවසීය. මෙය ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපට හා ටෙලි වෘත්තාන්ත නිර්මාණය කිරීමට ලබාදීමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවත් ඒම නිසා මෙම තීරණය ගත් බවත් බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.