රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දුප්පත්කමට පත්ව ඇති බවත් 2019 පසු ලක්ෂ 40කට ආසන්න පිරිසක් එනම් ජනගහනයෙන් සියයට 17ක් දුප්පත්කමට පත්ව ඇති බවත් එය පළාත් 9ම දක්නට ලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (9) අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ලර්න් ඒෂියා ආයතනය විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරමිනි.
ලක්ෂ 40ක් දුප්පත්කමට වැටෙන විට නයිට්රජන් පොහොර වංචාව හා අසූචි පොහොර වංචාව වැනි වංචා සිදුව ඇති බවත් මේ වංචාවන්ට අදාළ සියලු දෙනා තරාතිරම නොබලා නීතිය හමුවට ගෙන එන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.