හර්ෂ සභාපති කරන යෝජනාව ජනපතිගෙන්
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිධුරය විපක්ෂයට ලබා දියු යුතු බවත් ආචාර්ය හර්ෂද සිල්වා මහතා ඒ සඳහා සුදුසු බවට විපක්ෂය යෝජනා කරන්නේ නම් ඔහුට සභාපතිධුරය ලබාදිය යුතු බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අද (07දා) පාර්ලිමේන්තුවේදී පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් හමුවූ අවස්ථාවේදී ජනපතිවරයා මේ බව පැවැසීය.
"කාරක සභා සහ උපදේශක සභාවලට සභාපතිවරුන් පත්කිරීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුයි. ස්ථාවර නියෝග අනුව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ නම මෙන්ම තව මන්ත්‍රීවරුන්ගේ නම් කිහිපයක් යෝජනා වී තිබුණා. මයන්ත දිසානායක මන්ත්‍රිතුමා මෙහි සභාපති ධුරය සඳහා පත් කළ නමුත් ඔහු ඉවත් වුණා.
විපක්ෂය යෝජනා කරනවා නම් හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමාට රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබා දිය යුතුයි. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුව විසින් සම්මත කර අවසන්. දැන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත්වන සභාපතිවරයා ද ඊට අනුකූලව ඉදිරියට වැඩ කටයුතු සිදු කළ යුතුයි."
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා,
ජනාධිපතිතුමනි , ඔබතුමා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස මාව යෝජනා කිරීම සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වනවා. රාජ්‍ය මුදල් කාරක සභාවේ දී අපි ප්‍රශ්න කළේ මේ කටයුතු කඩාකප්පල් කිරීමට නොවෙයි. නිවැරදි මගට ගැනීමට පමණයි. අතුරු අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ප්‍රතිපාදන ලබා ගැනීමට අපි කටයුතු කර තිබෙනවා.
popular news
-
Samson De Silva Thursday, 08 June 2023 04:39 AM
Okata thamayi Royal-Thomian cricket match ekedi hondata beelaa, Ranilayage karata atha daagena baila kiwwe! Den ithin endiyaawa iwara wewi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

