බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (08දා) මධ්‍යහන 12 ට නිකුත් කරන ලද මෙම කාළගුණ අනාවැකිය මගින් වැඩිදුරටත් දැක්වෙන්නේ සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි.
ඊට අමතරව වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බවද එහි දැක්වේ.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව මෙහි දැක්වේ.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද ඔවුන් වැඩිදුරටත් දන්වා සිටියි.