ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම පසුගිය වසරේ
ආනයනය සීමා කිරීම හරහා මෙරට කර්මාන්තවල විශාල ප්රගමනයක් දැකිය හැකි බවත් ඒ අනුව පසුගිය වසරේදී (2022) ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වන ඩො.බි 13.1 ක මුදලක් ලබාගත හැකිවූ බවත් කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවැසූහ.
මෝටර් රථ සහ ත්‍රීරෝද රථ එකලස් කිරීමේ කර්මාන්තකරුවන් 22 ක් මේවන විට මෙරට තුළ කටයුතු කරන බවත් හදුනාගත් ක්ෂේත්‍ර 20 ක් ඔස්සේ කර්මාන්ත සංවර්ධන කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
මැණික් හා ස්වර්ණාභරණ, මැටි, කජු, වේවැල්, උණබට යනාදී විවිධ කර්මාන්ත ආශ්‍රිතව පවතින ගැටලු රැසක් මෙහිදී මන්ත්‍රීවරයන් විසින් කාරක සභාවේ අවධානයට යොමුකරන ලදී. ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට ද මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
