ගැඹුරු මුහුදේදී අහපත් කාලගුණය හේතුවෙන් පෙරළුනු ‘ලූපෙන් යුවාන්යු 028”නැමැති චීන ධීවර යාත්‍රාවට පළමුව ඇතුළුවී එහි මළ සිරුර 14 ක් සොයා ගැනීමේ කිමිදුම් මෙහෙයමුට සහභාගි වු නාවික හමුදා සමාජිකයන් නව දෙනාට චීන රජයේ උපහාර පිදීමේ උත්සවයක් පැවැත්විණි.
මෙම උත්සවය ශ්‍රි ලංකාවේ චීන තනාපති කී ෂෙන්හො, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.
ඉකුත් (16) දින ගැඹුරු මුහුදේ දී අපදාවට පත් චීන ධීවර යාත්‍රාව සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා එම යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශයවෙත ළඟාවූ විජයබාහු නෞකාවේ කිමිදුම් කණ්ඩායම ආපදාවට පත් ධීවර යාත්‍රාවේ ඇතුලත තවදුරටත් සිරවී සිටිය හැකි බවට සැකකෙරෙන කාර්යය මණ්ඩලය මුදවා ගැනීම සඳහා කිමිදුම් මෙහෙයුමක් සිදු කරන ලදි.
එම මුහුදු ප්‍රදේශයේ පැවති රළු ස්වභාවය මධ්‍යයේ දින තුනක් පුරා ඉතා අසීරු කිමිදුම් සොයා ගැනීමටත් අනෙකුත් මැදිරි තුළ නරක් වූ මළසිරුරු දොළහක් හඳුනා ගැනීමටත් නාවික හමුදා කිමිදුම් කණ්ඩායම සමත් විය.
එම අසීරු කිමිදුම් මෙහෙයුම අවසන් කර පැය 24 ක් ඇතුළත ආපදාවට පත් චීන ධිවර යාත්‍රාව සම්පූර්ණයෙන් ගැඹුරු මුහුදේ ගීලී ගොස් ඇති අතරල එවැනි ඉතාමත් අවධානම් සහගත තත්වයක් යටතේ ජීවිත අවධානමද නොතකා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකල සුවිශේෂි කිමිදුම් මෙහෙයුම ජාත්‍යන්තරයේ විශේෂ පැසසුමට ලක්විය.



