සැකකටයුතු ලෙස මිය ගිය කුඩා දරුවෙකුගේ මෘත දේහයක් මුල්ලේරියාව පොලිස් වසමේ හල්බරාව ප්‍ර දේශයේදී සොයා ගත් බව පොලීසි කියයි.
ඊයේ (08දා) සවස පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119ට කුඩා දරුවෙකු වීදුරු බෝතලයක කටු ඇනී ලේ ගලන තුවාල සහිතව මියිගොස් සිටින බවට ලැබුණ පණිවිඩයක් මත මුල්ලේරියාව පොලීසිය මෙම මෘත ශරීරය සොයාගෙන තිබේ.
අවුරුදු 5යි මාස 6ක් වන හල්බරාව පදිංචිව සිටි දරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත්වන අතර මව දිවා කාලයේ රැකියාවක් සඳහා පිටව යයි. දරුවා තම ආච්චි හා සීයා සමග සිටින අතර හල්බරාව ප්‍ර දේශයේ වැඩබිමක් ඉදිරිපිටිදී මෙම දරුවා බිදී ගිය වීදුරු බෝතලයක කටු ඇනී සිදුවූ ලේ ගලන තුවාල සහිතව මියගොස් තිබේ.
මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අණාවරණය කර ගැනීම සඳහා පරික්ෂණ කරන බව පොලීසිය පවසයි.