ගජේන්ද්‍රකුමාර් කිලිනොච්චිය පොලීසියට
දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා අද (07) උදෑසන පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සවස කිලිනොච්චිය පොලීසියට රැගෙනවිත් කට උත්තරයක් ලබාගැනීම සිදුවිය.
කොළඹ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසේදී අද උදෑසන මරදන්කේනි පොලීසිය ජෙයපුරම් පොලීසිය මගින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන සවස් වන විට කිලිනොච්චිය පොලිස් ස්ථානයට රැගෙන ඒමට කටයුතු යොදන ලදි.
කටඋත්තර ලබාගැනීමෙන් පසුව කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය 02 වැනිදා වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසලදී පැවති ජනහමුවකට සහභාගී වූ මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඇතිකරගත් ආරවුලක් සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
එහිදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ අධාරකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට මරදන්කේනි පොලීසිය පියවර ගනු ලැබීය.






popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

