saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4298 hours ago

LATEST

රී-යූනියන් වෙත යන්න ගිය 46ක් ආපසු එවයි

calendar_today 2023 ජන 15 - 00:46 remove_red_eye - 395  

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් ශ්‍රීලාංකිකයන් 46 දෙනෙකු 2023 ජනවාරි මස 13 වන දින සවස නැවතත් ගුවන් මගින් මෙරටට පිටුවහල් කිරීමට රී-යූනියන් දූපතේ ප්‍රංශ බලධාරීන් විසින් කටයුතු කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටක් ලෙස විශ්වාසය ගොඩනඟා ගැනීමට හැකිවීම තුළින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා වඩා සාර්ථක කර ගැනීමට රජය සමත් වී ඇති බවයි.

Read More

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ දකුණු අර්ධයේ වැසි සහිත කාලගුණයක් ඇතිවීම වෙනුවෙන් සුදුසු වායුගෝලීය තත්ත්වයක් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ් අනුව ඉදිරි දින කිහිපයේදී දිවයිනේ දකුණු අර්ධයේ අපරභාගයේදී වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More

හෙට දිනට යෙදී ඇති තෛපොංගල් හින්ද ආගමික උත්සව දිනය නිමිතතෙනේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම මත්පැන් හල් හා බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය හා රිදීමාලියැද්ද හැර අනෙකුත් ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසවලට ඇයත් සියලුම මත්පැන් හල් හෙට (15දා) දිනයේදී වසා දමන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නීතිවිරෝධී ලෙස රත්තරන් ශ්‍රී ලංකාවට ගෙන එන නවතම ක්‍රමයක් ලෙස යොදා ගත් රත්තරන් වලින් සකස් කළ ක්‍රෙඩිට් කාඩ් පත් ( ණය පත් ) ( Credit Card) උපයෝගී කර ගනිමින් රුපියල් එකොළොස් කෝටි පහළොස් ලක්ෂ පනස් දහසක් වටිනා කැරට් 24 රත්තරන් තොගයක් ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක සමග 01/12 දින කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

සීගිරිය පර්වතරයේ සිට ඉර සේවය නැරඹීමේ අවස්ථාව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංචාරකයන්ට ලබා දී තිබේ. මේ අනුව අද දිනයේ සිට සෑම දිනයකදීම සීගිරිය පර්වතයට ප්‍ර වේශ වීම වෙනුවෙන් පෙ.ව. 5.30 සිට ප්‍ර වේශපත්‍ර නිකුත් කරනු ඇත.

Read More

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද දිනයේ සිට ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

රටේ ජනාධිපතිවරයාගේ සිට සියලු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ සදහා අයවිය යුතු බදු (Tax on non-cash benefits) නිසි පරිදි අයකර ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා අවධාරණය කළේය.

Read More

2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී ඇති අතර මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) මහතා විසින් එම රෙදි පිළි තොගය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත නිල වශයෙන් භාරදීම කොළඹ වරාය පරිශ්‍රයේ දී අද සිදු විය.

Read More

ඇය ඒ අනුව ශ්‍රි ලංකාවට එවීම සඳහා 2023/01/05 දින ගුවන් තොටු පලට පැමිණි පසු නැවත ඇයගේ රෝගී තත්වය හේතුවෙන් ඇය මෙරටට ගෙන ඒම සඳහා භාරගැනීම අදාල ගුවන් සමාඟම ප්‍රතික්ෂේප කර ඇත. ඉන් පසු ඇය නැවත 2023/01/06 දින ඕමානයේ හවාඩී රෝහලෙන් NMC රෝහලට සහ ඕමාන් රාජකීය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ දින 5ක් අවශ්‍ය ප්‍රතිකාර ලබාදුන්නත් අවාසනාවන්ත ලෙස ඇය මියගොස් ඇත.

Read More

පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 වැනිදා දක්වා රැස්වීමට අද (13) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

මැදපෙරදිග කලාපයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සඳහා නව රක්ෂණාවරණයක් 2023.01.15 දින සිට හඳුන්වාදීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබේ.

Read More

ගංජා ලඟ තබාගැනීම,නිධන්වස්තු සෙවීමට අනුබලදීම ඇතුළු විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් අත්අඩංගුවටගෙන ඊයේ (13) සවස මොනරාගල දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් ඒ.එල් සජිනී අමරවික්‍රම මහත්මිය හමුවට ඉදිරිපත්කරන ලද මොනරාගල වැඩබලන ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.බී.එස්.එස් සිසිල කුමාර,ඇතිමලේ පොලිස් ස්ථානාධිපති එම්.එම් සංජය ධර්මදාස,ජේෂ්ඨ පොලිස් අධිකාරී නිල රියදුරු පොලිස් කොස්තාපල් 80736 බී.බී සසිඳු මධුශාන්,ඔක්කම්පිටිය සේරුවත්ත පහ

Read More

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වී වගාවට වැළ දී ඇති මූල ගැටිති වටපණු රෝගය හෙවත් Nematode නැමැති රෝගය වැළඳීමට හේතුව විදිමත් ක්‍රියාවලියක් අනුගමනය නොකරමින් නිසි ප්‍රමිතියට සකස් නොකරන ලද කාබනික පොහොර නිසා ද? යන්න පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසයි.

Read More

නිල සංචාරයක් සඳහා පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (CPA) ස්ටෙෆ්න් ට්විග් මහතා අද (13දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

Read More

කොටුව ජනාධිපති නිල නිවසින් පසුගිය වසරේ ජුලි 9දා අරගලය අවස්ථාවේදී සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක මුදල පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ගන්නා ලෙස පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (13දා) නියෝග කළේය.

Read More

දෛනික දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ලබන සඳුදා සිට 30 කින් අඩු කිරීමට තීරණය කළ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඊයේ (12දා) ලබා දුන් තීන්දුව, රටේ යුක්තිය, සාධාරණය අගයකරන සියලුදෙනාට වැදගත් ඓතිහාසික තීන්දුවක් බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

Read More

මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ පුලතිසි සිග්‍රගාමි දුම්රිය ගල්ඔය දුම්රිය නැවතුම්පොළ ආසන්නයේදී වන අලියෙකු ගැටීම නිසා දුම්රිය පිලිපැනීමකට ලක්ව තිබේ.

Read More

මෙරට අරක්කු, පොල් රා, තල් රා වැනි මත්පැන් වර්ග රටවල් තිස් පහකට අපනයනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

දේශපාලන රැස්වීමක් අතරතුර හදිසියේ හෘදයාබාධයකට ලක්ව මියගිය හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඒ මහතා බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රියංගනී කුරේ මහත්මිය ඉල්ලා සිටියාය.

Read More

ෆිච් රේටින්ග්ස් ආයතනයේ නව ශ්‍රේණිගත කිරීම් අනුව මෙරට බැංකු 10 ක ශ්‍රේණි ගත කිරීම් පහළ දමා ඇත.

Read More

හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජනපදය ආසන්නයේ පිහිටි යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයේ අද (13දා) ගින්නක් හටගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783ක් වුවද ලබන 2024 වසර වනවිට මුළු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ලෝ ප්‍රකට ගායක එල්විස් ප්‍රෙස්ලිගේ, දියණිය වන ලීසා මාරී ප්‍රෙස්ලි හෘදයාබාධයක් හේතුවෙන් සිය නිවසේදී ඊයේ (12දා) මියගොස් තිබේ.

Read More

ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාරගේ වැඩ තහනම් කර තිබේ.

Read More

ණය ගෙවීම සඳහා කාලය තවත් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් කර තිබූ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස තවත් මාස 06කින් එම කාලය දීර්ඝ කර තිබේ.

Read More

මොණරාගල කොට්ටාශය භාර හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර මහතාගේ නිවසේ, සිවිලම මත තිබියදි, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගන්නාලද ගංජා තොගය,ඒ මහතාට සැපයිම සමිබන්ධයෙන් සැකපිට ඇතිමලේ පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජය ධර්මදාස මහතා අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ නිළධාරින් පිරිසක් විසින් ඊයේ (12දා) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුහ.

Read More

වී වගාව ආශ්‍රිතව දැනට පැතිර යමින් තිබෙන රෝග තත්ත්වයන් පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, වැරදි උපදෙස් මත අනිසි ලෙස කෘමිනාශක නොයොදන ලෙසත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.