පාර්ලිමෙන්තු මන්ත්රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 42දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 19 වැනිදා කැඳවීමට ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින විත්තිකරුවන් 37 දෙනා එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළ විනිසුරු මඩුල්ල ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් 05 දෙනාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.
මහධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර (සභාපති) රශ්මි සිංගප්පුලි සහ රුවන් පතිරණ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
මෙය සමාජයේ මහත් කැළඹීමක් කළ සිදුවීමක් නිසා මෙම නඩුව විභාග කිරීම සඳහා ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතීපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් මෙම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.
2022 මැයයි මස 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නිට්ටඹුව ප්රදේශයේදී පාර්ලිමෙන්තු මන්ත්රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ පොලිස් නිලධාරියාට පහරදී ඝාතනය කිරීම ඇතුළු චෝදනා 14ක් යටතේ විත්තිකරුවනන්ට එරෙහිව නඩු පවරා ඇත.
පහරදී, ඝාතනය කිරීම, ඔවුන් ගමන්ගත් ජීප්රථයට පහරදී රුපියල් මිලියන 45ක ආලාභයක් කිරීම, එම ජීප්රථයෙය් අමතර රෝදය සහ පැති දොරක් සොරා ගැනීම, පාර්ලිමෙන්තු මන්ත්රී අමරකීර්තී අතුකෝරල මහතාගේ අතේ පැළද සිටි මුදු තුනක් සොරා ගැනීම, ඔහුගේ සාක්කුවේ තිබු බිරිඳට අයත් ණය කාඩ් පතක් සොරා ගැනීම සහ ඉන් නීතීවිරෝධී අන්දමින් භාණ්ඩ මිලදී ගනීම ඇතුළු චෝදනා විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින විත්තිකරුවන් 42දෙනා අතුරින් විත්තිකරුවන් 37 දෙනෙකු මේ වන විටත් රිමාන්ඩ් බාරයේ පසු වන අතර තවත් විත්තිකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර ඇ.
නඩුව ලබන 19 වැනිදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් 37 දෙනකු එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළ අතර ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් 05 දෙනාට සිතාසි නිකුත් කළේය.
